05th June 2025 10:03:25 Hours
පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන්, කොල්ලුපිටියේ ලින්ඩ්සේ බාලිකා පාසලේ වහලය තද සුළඟකින් හානි විය.
14 පාබල සේනාංකය යටතේ රාජකාරි කරනු ලබන 14 වන විජයබාහු රෙජිමේන්තුවේ භට පිරිස්වල සහභාගීත්වයෙන්, හානියට පත් වහලයේ සුන්බුන් ඉවත් කරන ලද අතර, පාසලේ වහලය එහි මුල් තත්ත්වයට සාර්ථකව ප්‍රතිසංස්කරණය කරන ලදී.