Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

08th July 2025 15:15:38 Hours

බදු හඳුනාගැනීමේ අංකය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්විම

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ, බදාදා පුහුණු වැඩසටහනට සමගාමීව, 2025 ජුනි 25 වන දින “බදු හඳුනාගැනීමේ අංකය පිළිබඳ දැනුවත් කිරීමේ පිළිබඳ විශේෂ දේශනයක් පැවැත්විණි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වසන්ති පෙරේරා මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ඒ ඒ බී ජයරත්න මහතා විසින් මෙම සැසිය මෙහෙයවන ලදී. ආදායම් බදු සහ ධන ප්‍රකාශන පිළිබඳව දැනුවත් කිරීම කෙරෙහි මෙම දේශනය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන ලදී.

මීට අමතරව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරුන් වන එස් සිවනේසන් මහතා සහ කේ එම් ආර් කුමාර මහතා ද සහභාගී විය. බදු ආශ්‍රිත වගකීම් පිළිබඳ ඔවුන්ගේ දැනුවත්භාවය සහ අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) යටතේ සේවය කරන නිලධාරීන් 14 දෙනෙකු සහ සෙසුනිලයින් 225 දෙනෙකු මෙම පුහුණු වැඩසටහනට සහභාගී වූහ.