08th July 2025 15:08:13 Hours
කර්නල් එස් ජේ සමරසිංහ පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරී 613 පාබල බලසේනාවේ 12 වන බළසේනාධිපති ලෙස 2025 ජුනි මස 17 වන දින නිල වශයෙන් රාජකාරි භාර ගන්නා ලද අතර, බලසේනාධිපති කදවුර තුලට පැමිණිමෙන් පසු සම්මාන මුරයක් පිරිනමන ලදි.
විධිමත් හමුදා උත්තමාචාර වලින් පසුව, කර්නල් එස් ජේ සමරසිංහ පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින් ආගමික වතාවත් මධ්‍යයේ වැඩ භාරගත් අතර, ඔහුගේ නව නිලය භාර ගැනීම සනිටුහන් කිරීම සඳහා නිල ලේඛනයකට ඔහුගේ අත්සන යොදන ලදී. ඉන් අනතුරුව නව බලසේනාධිපති විසින් එම පරිශ්‍රයේ රාජකාරී භාරගැනීම සනිටුහන් කරමින් පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට ද පෙනි සිටින ලදි. ඉන් අනතුරුව, නව බලසේනාධිපති විසින් සියළුම නිළයන් සමඟ තේ පැන් සංග්‍රහයක් සදහා සහභාගි වන ලදී.
එම කටයුතු වලින් පසුව, නව බළසේනාධිපති විසින් භට පිරිස් අමතමින්, හමුදා විනයේ වැදගත්කම සහ සාර්ථකත්වය සාක්ෂාත් කර ගැනීමේදී එහි අනිවාර්ය කාර්යභාරය අවධාරණය කරන ලදි. බළසේනාධිපතිගේ අරමුණු ගෙනහැර දැක්වූ අතර, පොදු අරමුණු කරා වැඩ කිරීමට භට පිරිස් පොළඹවන ලදී.