17th July 2025 10:51:37 Hours
61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් පරිදි සහ 572 වන පාබල බලසේනාවේ බළසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ, 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ 02 x 25 භට පිරිසක් බලංගොඩ, දියවින්න, කූන්ගහවෙල ප්‍රදේශයේ ඇති වූ ලැව් ගින්න නිවා දැමිම සදහා කටයුතු සිදුකරන ලදි.
ගින්න පිළිබද තොරතුරු ලැබුණු වහාම, භට පිරිස් බලපෑමට ලක් වූ ස්ථානයට කඩිනමින් ගමන්කරවා තත්වය පාලනය කරන ලද අතර ගින්න අසල ඇති වනාන්තර කොටස්, ගොවිබිම් සහ නේවාසික කලාපවලට පැතිරීම වැළැක්වීමට හැකි විය.