Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

02nd June 2025 18:08:00 Hours

61 වන පාබල සේනාංකය සිය 17 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

61 වන පාබල සේනාංකයෙහි 17 වන සංවත්සරය සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේටීපී ද සිල්වා ආර් එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟ පෙන්වීම මත එම සේනාංක මූලස්ථාන බූස්ස යුධ හමුදා කඳවුරේදී 2025 මැයි මස 30 වන දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

සංවත්සරයට සමගාමීව 2025 මැයි මස 28 වන දින විශේෂ අවශ්‍යතා ඇති අයවලුන් රැක බලා ගනු ලබන ගාල්ල සම්බෝධි නිවාසයේ වෙසෙන එම විශේෂ අවශ්‍යතා සහිත 50 දෙනෙකු වෙනුවෙන් දිවා ආහාර වේලක් පිරිනමන ලද අතර, සේනාංකයෙහි රාජකාරී නියුතු භඨ පිරිස්හි ශ්‍රම දායකත්වයෙන් 2025.05.27 සහ 28 යන දෙදින එම නිවාසය සහ අවට පරිසරය පිරිසිදු කිරීම හා නේවාසික වැඩිහිටි අයවලුන් ස්නානය කරවා පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාර වැඩසටහනක්ද සිදුකරන ලදී.

අනතුරුව 61 පාබල සේනාංකය සහ යටතේ පාලනය වන සියලුම බලසේනා සහ ඒකකයන් අතර සුහදතාවය වර් ධනය කිරීමේ අරමුණෙන් පවත්වන ලද සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියෙහි අවසන් මහා තරඟය සදහා සුදුසුකම් ලත් 20 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම සහ 18 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ කණ්ඩායම් අතර 2025.05.29 දින පවත්වන ලදී. එහිදී 20 වන ශ්‍රීලංකා පාබල හමුදා කණ්ඩායම් පරදවා ඉතා තියුණු තරඟයකින් පසුව ශූරතාවය දිනා ගැනීමට 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු කණ්ඩායම සමත් විය.

පසුව 2025.05.29 දින සන්ධ්‍යා කාලයේ සේනාංක විහාරස්ථාන භූමිය වෙත ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරවා සේනාංකයට සහ සියළු භටපිරිස් වෙත සෙත්පතා ආශීර් වාද කොට රට දැය වෙනුවෙන් දිවිපිදු වීරෝධාර රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම හා රණක්‍ෂිතයට පත් සියලුම රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර් ථනා කරවීම සඳහා බෝධි පුජාමය පිංකමක් පවත්වන ලදී.

සංවත්සර දිනයේදී භටපිරිස් විසින් යුධ හමුදා සම්ප්‍රධානුකූලව කඳවුරු මුරයක් සහ නිලධාරීන් 13 දෙනෙකු සහ සෙසුනිලයින් 255 දෙනෙකුගෙන් සමන්විත අලංකාරවත් සම්මාන පෙලපාලියකින් සේනාංකාධිපතිතුමන් වෙත ගෞරවය පිරිනැමීය. ඉන් පසුව සියළු නිලයින් ආමන්ත්‍රණය කල සේනාංකාධිපතිතුමන් එහිදී සියළු නිලයින් විසින් සිදුකරන ලද සහ සිදුකරමින් පවතින අපිරිමිත සේවය ඇගයීමට ලක්කර ආපදා සහන කටයුතු වෙනුවෙන් ඇපකැපව කටයුතු කරනු ලබන භටපිරිස් වෙත ප්‍රසංශා කිරීමද එහිදී සිදුකරන ලදී.

17 වන සංවත්සරය සිහිකරමින් සේනාංකාධිපතිතුමන් විසින් කඳවුර තුල පැලයක් රෝපණය කර සියළු නිලයන් සමඟ සමුහ ඡායාරූපයකටද පෙනී සිටින ලද අතර, සියළු නිල තේ පැන් සංග්‍රහයක් ද පවත්වන ලදී. මෙම සංවත්සර දින වැඩසටහන් මාලාවේ අවසන් අංගය වශයෙන් පැවති සියළු නිල සුහද හමුව අලංකාරවත් සංගීත සැදෑවක් පවත්වා වැඩසටහන් මාලාව නිමා කරන ලදී.