01st June 2025 11:47:12 Hours
61 වන පාබල සේනාංකය, ආරම්භ කර වසර 17 ක් සපිරීම නිමිත්තෙන්, සිදුකරනු ලබන වැඩසටහන් මාලාවේ එක් සුවිශේෂි අංගයක් ලෙස, ගාල්ල සම්බෝධි ළමා/ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින විශේෂ අවශ්‍යතා සහිත 50 දෙනෙකු වෙනුවෙන් එම වැඩිහිටි නිවාසය ආවරණය වන පරිදි සුවිශේෂී වූ වැඩසටහනක් වත්මන් සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටිරල් ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟපෙන්වීම යටතේ 2025 මැයි මස 27 හා 28 දෙදින තුළදී භටපිරිස් විසින් සිදුකරන ලදී.
එහිදී පළමුව සේනාංකයේ භටපිරිස් විසින් දීර්ඝ කාලයක් පුරාවට ගොඩගැසී තිබූ කසල හා අනෙකුත් අපද්‍රව්‍ය ශ්‍රමදානයක් මඟින් ඉවත්කර, නිවාසය අවට ප්‍රදේශය හා ගොඩනැඟිලි සියල්ල ශුද්ධ පවිත්‍ර කර, අක්‍රමත්ව පැවති විදුලි පද්ධතිය යථා තත්වයට පත්කරන ලදී.
පසුව නේවාසික සිටින වැඩිහිටියන් හා දූ දරැවන් සියළුදෙනාගේ කොණ්ඩ කපා, ස්නානය කර, වෛද්‍ය ප්‍රථිකාර අවැසි නේවාසිකයන් හට වෛද්‍ය ප්‍රථිකාර ලබාදීමෙන් අනතුරුව කැලිප්සෝ සංගීත රසාස්වාදයක් ලබාදී ඔවුන්ගේ ඒකකාරී දින චර්යාවට නැවුම් අත්දැකීමක් ලබාදෙන ලදී. ඉන් අනතුරුව ඔවුන් සියළුදෙනා වෙනුවෙන් රසවත් දිවා ආහාරයක් හා අතුරුපසක් ලබාදීමට කටයුතු කරන ලදී.