Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

17th June 2025 11:51:07 Hours

18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් කූරගල වනගත ප්‍රදේශයේ ඇතිවු ගින්නක් මැඩපවත්වයි

2025 ජුනි 10 වන දින 1130 ට පමණ බලංගොඩ, කූරගල ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නකට 61 වන පාබල සේනාංකයේ මඟ පෙන්වීම සහ 572 වන පාබල බලසේනාවේ අධීක්‍ෂණය යටතේ, 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් කඩිනම් ප්‍රතිචාර දැක්වූහ.

සුවිශේෂී කැපවීම සහ කඩිනම් ක්‍රියාමාර්ග පෙන්නුම් කරමින් ඔවුන් භයානක තත්වයන්ට මුහුණ දෙමින් ගින්න පාලනය කිරීමට සහ එය අවට වනාන්තර ප්‍රදේශ සහ නේවාසික කලාපවලට පැතිරීම වැළැක්වීමට සමත් විය.