Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

17th June 2025 11:39:35 Hours

ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කිරීම

මව්බිමේ සදාකාලික සාමය සඳහා ජීවිත පූජා කළ නිර්භීත ශ්‍රී ලාංකිකයින්ට උපහාරයක් වශයෙන් 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක මලමුළුවේ කුරුණෑගල, හෙරලියවල පිහිටි බලඇණි මූලස්ථානයේදී ලේ දන්දීමේ වැඩ සටහනක් සංවිධානය කරන ලදී.

මෙම වැඩ සටහන ආරක්‍ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් යු කේ ඩි ඩි පි උඩුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නායකත්වය යටතේ 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඩි එම් එල් සමරදිවාකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී.

571 වන පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එච් එච් එස් පි එස් ද සිල්වා ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් ටි එස් පි කුමාර ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් සිදු කරනලද අතර, බලඇණියේ නිලධාරීන් 04 දෙනෙකු සහ සෙසු නිලයින් 76 දෙනෙකු ස්වේච්ඡාවෙන් රුධිරය පරිත්‍යාග කරන ලදි.