18th June 2025 09:43:31 Hours
පොසොන් පොහොය දිනයට සමගාමිව කැන්ඳලන්ද විවාහක නිවාස සංකීර්ණයේ නේවාසික නිලධාරින් විසින් අඛණ්ඩව තුන්වන වරටත් සංවිධානය කරන ලද අයිස්ක්‍රීම් සහ කිරි තේ දන්සලක් එම නිවාස සංකිර්ණය ඉදිරිපිටදි 2025.06.11 වන දින සාර්ථකව පවත්වන ලදි.
සියලුම නේවාසික නිලධාරීන්ගේ සාමූහික උත්සාහය සහ ත්‍යාගශීලී දායකත්වය තුළින් සහ සංකීර්ණයේ දරුවන්ගේ උද්යෝගිමත් සහභාගීත්වයෙන් මෙම කටයුත්ත සාර්ථකවු අතර, දන්සල සදහා දහසකට අධික පිරිසක් සහභාගිවිය.
මෙම අවස්ථාවට විධායක ජෙනරල් වන, මේජර් ජෙනරාල් කේ වී එන් පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී එම්පීඑස් පීඑස්සී, ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහ ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) හි රාජකාරි නියතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගීවිය.