17th June 2025 12:08:25 Hours
61 වන පාබල සේනාංකයේ මඟ පෙන්වීම සහ 572 වන පාබල බලසේනාවට අයත් 11 වන ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් විසින් 2025 ජුනි 10 වන දින පැය 0930 ට පමණ හදිසි ගලවා ගැනීමේ මෙහෙයුමකින් නන්පේරියල් පාර දිගේ බේකර්ස් වංගුව අසල බෑවුමකින් වැටී සිටි පුද්ගලයින් පස් දෙනෙකු බේරාගන්නා ලදි.
කැපී පෙනෙන වෘත්තීයභාවය සහ මහජන ආරක්‍ෂාව සඳහා කැපවීම පෙන්නුම් කරමින්, සෙබලුන් අභියෝගාත්මක භූමි ප්‍රදේශයක කඩිනමින් ගමන් කිරීම තුලින් එම පුද්ගලයින් පස් දෙනාගේම ජිවිත ආරක්‍ෂා කර ගැනීමට හැකි විය.