Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

මුල් පුවත

  • ආසේමු (මධ්‍යම) ආඥාපති තුමන්ගේ 11 වන සේනාංක සංචාරය

    02nd April 2019 17:50:36 Hours

    මෙම ආසේමු (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙම මුල ආඥාපති තනතුරෙන් නික්ම යාමට ප්‍රථම 2019.04.02 වන දින 11 වන සේනාංක මුලස්ථාන සංචාරය සිදු කරන ලදි.

  • ඓතිහාසික ශ්‍රි පාදස්ථානයේ සුන්දරත්වය රැකීමට ශ්‍රමදාන කටයුත්තක් සිදු කිරිම.

    29th March 2019 17:18:27 Hours

    මෙවර ශ්‍රි පාදස්ථාන වන්දනා වාරය ඇරඹීමත් සමග එය වැදපුදා ගැනිමට විශාල වශයෙන් පැමිනෙන සිවිල් ජනතාව විසින් ඉවතලන කැලිකසල හේතුවෙන් නල්ලතන්නිය මාර්ගය දැඩි පරිසරික දුෂණයට ලක්වී ඇත. ඒ අනුව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සංකල්පයක් මත අනෙකුත් නිලධාරින්ගේ පුර්ණ අධික්ෂණය යටතේ භටපිරිස් විශාල ප්‍රමාණයකගේ සහයෝගය මත ශ්‍රමදාන වැඩසටහනක් 2019.03.29 වන දින පවත්වන ලදි.

  • දියතලාව විරුකැකුළු පෙර පාසලෙහි ඉගනුම ලබන දරු දැරියන්ගේ වාර්ෂික ක්‍රිඩා උත්සවය

    29th March 2019 12:37:00 Hours

    යුධ හමුදා සේවා වනිතා ශාඛාව මගින් පාලනය වන ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ ස්ථාපිත දියතලාව විරුකැකුළු පෙර පාසලෙහි ඉගනුම ලබන සිගිති දරු දැරියන්ගේ වාර්ෂික ක්‍රිඩා උත්සවය සේවා වනිතා ශාඛාවේ පූර්ණ උපදෙස් මත 2019 මාර්තු මස 26 වන දින 1030 පැයට දියතලාව විරුකැකුළු පෙර පාසලෙහිදී උත්සවාකාරයෙන් පවත්වන ලදී.

  • ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) 6 වන සංවත්සරය

    26th March 2019 15:42:07 Hours

    මෙම මුල 6 වන සංවත්සරය ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර්පි ද සිල්වා යුඑස්පි එන්ඩියු අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්විම මත සියළුම නිළයින්ගේ සහභාගිත්වයෙන් සාර්ථක අයුරින් වැඩසටහන් මාලාවක් සිදු කරන ලදි.

  • ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරිමට පැවති රාජ්‍ය උත්සවය

    25th March 2019 12:29:15 Hours

    අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා යුද්ධ හමුදාපති තුමන් ඇතුළු ,ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ,11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටි ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරි රැසක්ගේ සහභාගිත්වයෙන් 2019.03.23 වන දින 1400 පැයට මහනුවර ශ්‍රි දළදා මාළිගා මහමලුවෙදි ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරිම සඳහා යුනෙස්කෝ සංවිධානයට භාරදිමේ රාජ්‍ය උත්සවය සාර්ථකව සිදුකරන ලදි.

  • 2018 වර්ශයේ ශ්‍රිලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පැසිපන්දු තරගාවලිය

    17th March 2019 20:56:31 Hours

    2018 වර්ශයේ ශ්‍රිලංකා යුධ හමුදා අන්තර් රෙජිමෙන්තු පැසිපන්දු තරගාවලිය ශ්‍රිලංකා යුද්ධ හමුදා පැසිපන්දු කමිටු සභාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර්පි ද සිල්වා යුඑස්පි එන්ඩියු අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධික්ෂණය යටතේ පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ පැසි පන්දු ක්‍රිඩා පිටියේදි පැවැත්වෙන ලදි. එමෙන්ම කාන්තා හා පිරිමි අවසන් මහා තරගය 2019.03.15 වන දින ශ්‍රිලංකා යුද්ධ හමුදාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වු අතර, තරගාවලිය අති සාර්ථක අන්දමින් නිමාවට පත් විය.

  • ආසේමු (මධ්‍යම) යටතේ පාලනය වන ඒකකයන්හි ආඥාපති තුමන්ගේ සංචාරය

    22nd February 2019 17:59:57 Hours

    මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙම මුලය යටතේ පාලනය වන ඒකකයන් හි දැනට පවතින වත්මන් තත්වය හා එහි අඩුපාඩුකම් පිලිබඳව සොයාබැලීම සඳහා දෙදින සංචාරයක් සිදු කරන ලදී.

  • නව පෙර පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා මුල්ගල තැබිමේ උත්සවය

    19th January 2019 14:38:06 Hours

    ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම මත හේමාස් අයතනයේ පුර්ණ අනුග්‍රහය යටතේ බන්ඩාරවෙල නගරයේ දි නව පෙර පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා 2019 ජනවාරි මස 19 වන දින 0940 පැයට යෙදුනු සුභ මොහොතින් මුල්ගල් තැබීම සිදු කරන ලදි.

  • පාසල් දරුවන් සඳහා පොත් බෙදාදීමේ වැඩසටහන.

    17th January 2019 22:05:17 Hours

    ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම මත ලුතිතන් කර්නල් ඩබ්ලිව් එම් ආර් පි විජේසුන්දර යන නිලධාරිගේ පුර්ණ අධීක්ෂණය යටතේ පොත් බෙදාදිමේ වැඩසටහනක් කොටමුදුන - පස්සර මො/රනුගල්ල මහා විද්‍යාලයේදි 2019 ජනවාරි මස 17 වන දින පවත්වන ලදි.

  • ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිලවශයෙන් පත් කිරිමේ ජාතික මහෝත්සවය

    07th January 2019 12:19:18 Hours

    අතිගරු ජනාධිපති තුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබු තිරණය පරිදි මාතලේ අළුවිහාර රජමහා විහාරස්ථානයේහි තැන්පත් කොට ඇති ත්‍රිපිටකය නිල වශයෙන් ජාතික උරුමයක් බවට පත් කිරිමේ මහෝත්සවය ජනාධිපතිතුමන් ප්‍රධානත්වයෙන් හා මැතිඇමතිවරුන්, යුද, ගුවන්, නාවික, හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් 2019.01.05 වන දින මාතලේ අළුවිහාරයේදි සිදුකරන ලදී.