05th December 2019 09:53:54 Hours
මේ දිනවල රට තුල පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් මෙම ආසේමු බළප්‍ර දේශයේ ස්ථානයන් කිහිපයක හදිසි අපදා තත්වයන් හා නායයෑම් තත්වයන් ඇති වු අතර, එම හේතුවෙන් වටිනා ජිවිත හතරක් මේ වන විටත් වන්දිගෙවා අවසන්වී ඇත.
21st November 2019 10:10:47 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාව මගින් පාලනය වන මෙම ආරකෂක සේනා මධ්‍යම බළප්‍රදේශයේ ස්ථාපිත දියතලාව විරුකැකුළු පෙර පාසලෙහි ඉගෙනුම ලබන දුවාදරුවන්ගේ කුසලතාවයන් හා හැකියාවන් එළිදැක්විමේ වාර්ෂික විවිධ ප්‍රසංගය යුද්ධ හමුදා විද්‍යාපීඨ ටෝව් සිනමා ශාලාවේදි උත්කර්ෂවත් අයුරින් 2019 නොවැම්බර් මස 19 වන දින පවත්වන ලදි.
13th November 2019 11:08:46 Hours
ආරක්ෂක සේනා මධ්‍යම වෙතින් පාලනය වන 11 සේනාංක මුලස්ථානය යටතේ පාලනය වන බළසේනාංක මුලස්ථාන බළප්‍රදේශයේ පිහිටි මුදුන් මල්කඩක් වැනි ශ්‍රි පාදස්ථාන හා නල්ලතන්නිය භූමියේ නව යුද්ධ මුලස්ථානය විවෘත කිරිම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් හා මඟ පෙනිවීම මත මෙම මුල ආඥාපති තුමන්ගේ පුර්ණ අධික්ෂණය හා සහභාගිත්වයෙන් යුතුව ප්‍රජාසත්කාර වැඩසටහනක් 2019.11.11 වන දින සාර්ථක අයුරින් පවත්වන ලදි.
24th October 2019 09:17:23 Hours
මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෙම මුලය යටතේ පාලනය වන 8 වන ශ්‍රිලංකා යුද්ධ හමුදා සේවා බළකා ඒකකයේ දැනට පවතින වත්මන් තත්වය හා එහි අඩුපාඩුකම් පිලිබඳ සොයාබැලීම සඳහා සංචාරයක නිරත වූහ.
01st October 2019 17:43:12 Hours
ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම සේවා සපයන්නා මෙන්ම මාතෘභූමියේ ආරක්ෂයා ලෙස නිර්භීත හා පරාර්ථකාමී පරිත්‍යාගයන් සිදුකරමින් පසුගිය දිනවල අසමසම වාර්තාවන් පිහිට වූ ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 70 වන යුද්ධ හමුදා දිනයට (ඔක්තෝම්බර් 10) සමගාමීව වර්ණ ධජයන්ට ආශීර්වාද කිරීමේ ප්‍රථම ආගමික වැඩසටහක් 2019.09.28 වන දින උදෑසන ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපතිවන ලුතිනන් ජෙනරාල් එල් එච් එස් සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ප්‍රධානත්වයෙන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරිනියන් මෙන්ම සෙසුනිළයින් විශාල ප්‍රමණයක් මහනුවර ශ්‍රි දළඳා මාළිගාවේදී පවත්වනු ලැබීය.
26th August 2019 17:06:47 Hours
ආරක්ෂක සේනා මූලස්ථාන මධ්‍යම බළප්‍රදේශයට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති වශයෙන් පත්වු ලුතිතන් ජෙනරාල් එල් එච් එස් සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසු 2019.08.25 වන දින මල්වතු, අස්ගිරි දෙපාර්ශවයන්හි මහනාහිමිවරුන් බැහැදැක මහනුවර ශ්‍රි දළඳා මාළිගාව වැඳපුදා ගන්නා ලදි.
15th August 2019 16:45:20 Hours
දිවයිනේ මුහුදු මට්ටමේ සිට ඉහලම ස්ථානය වශයෙන් පිහිටා ඇති පිදුරුතලාගල කන්දට පිවිසෙන කිලෝ මීටර 6.2 ක් දිග මාර්ගය වර්ෂ 1990 දී ඉදිකළ අතර, දිගු කාලක් පුරා අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් වසර ගණනාවක් පුරා මෙම මාර්ගය අබලන්ව පැවතිණි.
12th July 2019 17:35:15 Hours
ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හමුවීම සඳහා ආරක්ෂක අමාත්යන්සය හා යුහමු අනුමැතිය ඇතිව බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ ආරක්ෂක උපදේශක වන “කර්නල් ඩේවිඩ් අශ්මන්” ඇතුලු බ්‍රිතාන්‍ය හමුදා නිලධාරින් හතර දෙනෙකු මෙම මූල පරිශ්‍රය වෙත පැමිණෙන ලදී. ඔවුන් පැමිණිමේ ප්‍රධාන අරමුණ වූයේ බ්‍රිතාන්‍ය හමුදා සහ ශ්‍රිලංකා ත්‍රිවිධ හමුදා එක්ව 2019 ඔක්තෝම්බර් මසයේ පැවැත් වීමට නියමිත “ Humanitarian Aid And Disaster Relief ” පුහුණු අභ්‍යාසය සැබැඳිව සාකච්ඡා කිරීමයි.
01st July 2019 16:46:06 Hours
2019.04.21 වන දින පාස්කු ඉරිදා දින කොළඹ, මිගමුව සහ මඩකලපුව යන ප්‍රදේශයන්හි කතොලික දේවස්ථාන කිහිපයකට සහ මෙරට ප්‍රසිද්ධ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත වාදින් විසින් සිදු කල ප්රහාරයන් පසු සංහිදියාව සහ සහජිවනය වර්ධණය කිරිම සඳහා 11 වන සේනාංක මුලස්ථාන සේනාංකාධිපති මේජර් ජේනරාල් ටි ජේ නානායක්කාර ආර්ඩබ්ලිවිපි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 2019.06.29 වන දින රාත්‍රි 1900 පැයේ සිට 2300 පැය දක්වා කුන්ඩසාලේ එස්ඩබ්ලිව්ආර්ඩි බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රිඩාංගනයේදි එකට සිටිමු යන තේමාවෙන් සංගිත ප්රසංගනයක් මහජනතාව හට නොමිලේ නැරඹිමට අවස්ථාවක් සලසාදීමට කටයුතු සිදු කරන ලදි.
28th June 2019 17:12:12 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයේ පිහිටි බණ්ඩාරවෙල නගරය ආශ්‍රිතව ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල් වල දරු දැරියන් උදෙසා නව පෙරපාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරිමට හේමාස් ආයතනෙ වෙතින් මුල්‍ය පරිත්‍යාගයක් මත මෙම මුල ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විඑස්වි එන්ඩීයු යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිළධාරි වශයෙන් රාජකාරි ඉටුකරණු ලබන ලුතිතන් කර්නල් ඩබ්ලිව් එම් ආර් පි විජේසුන්දර ශ්‍රිලයුපුබ යන ජ්‍යේෂ්ඨ නිළධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ යුද්ධ හමුදා ශ්‍රමදායකත්වය මත සියළු වැඩකටයුතු අවසන් කර 2019.06.28 වන දින අති උත්කර්ශවත් අන්දමින් විවෘත කරන ලදි.