09th May 2020 21:45:26 Hours
ශ්‍රි පාද වන්ඳනා සමයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රි පාද මලුවේ සිට සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ හා පූජා භාණ්ඩ යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් 2020.05.08 වන දින නල්ලතන්නිය වෙත වැඩමවන ලදී.
09th May 2020 20:34:49 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩි සි කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම්වු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිති කොටගෙන ආරක්ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) ප්‍රධාන දේශන ශාලාවේදී ධර්ම දේශනා වැඩසටහනක් 2020 මැයි මස 07 වන දින 0500 පැයේ සිට සිදු කරන ලදි.
07th May 2020 12:19:45 Hours
කොවිඩ් - 19 තර්ජනය හමුවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සෞඛය ආරක්ෂිත අවශ්‍යතා පිළිබඳ සොයාබැලීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් 2020.05.06 වන දින 12 සේනාංකය හා 122 බලසේනා මුලස්ථානය, 3 වන ජාතික ආරක්ෂක බලමුළුව හා ලුණුගම්වෙහෙර යොවුන් සේනාංකය යන ස්ථාන වල ඇති නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදි.
30th April 2020 20:19:35 Hours
රටෙහි ඉදිරි ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් අතිගරු ජනාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය වෙතින් ක්‍රියාත්මක “සෞභාග්‍යා ගෙවතු වගා” වැඩ සටහන යටතේ යුද්ධ හමුදා කඳවුරු තුල වගා කිරිම සඳහා එළවළු බීජ පැකට් ලබාදිය හැකි බව මහාවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් විසින් යුද්ධ හමුදා මුලස්ථානයන් වෙත දැනුම් දෙන ලදි.
26th April 2020 13:18:50 Hours
ආරක්ෂක සේනා මධ්‍යම අඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් ආරක්ෂක සේනා මූලස්ථානයේ රජකාරි කරනු ලබන නිලධාරීන් සහ සෙසු නිලයන් වෙත ‘කොවිඩ් - 19 වෛරස් වසංගතයෙන් නිවාරණය වන අයුරු’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් මෙම මුලස්ථාන දේශණ ශාලාවේදි පැවැත්විණි.
24th April 2020 15:37:13 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි කොවිඩ් - 19 වෛරස පැතිරීම වැලැක්වීම වෙනුවෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා ආරක්ෂක සේනා ඉංජිනේරු කාර්යාලය විසින් කළ නවෝත්පාදනයක් ලෙස විෂබීජ නාශක කුටියක් නිර්මාණය කරන ලදි. එම නිර්මාණය කරන ලද විෂබීජ නාශක කුටිය නිරෝධායන මධ්‍යස්ථාන වල රෝගීන් පරික්ෂා කරන වෛද්‍යවරුන්ගේ විෂබීජ හරණ කටයුතු වෙනුවෙන් යෙදවිමට නියමිතව ඇත.
24th April 2020 10:53:06 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩි සි කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.04.23 වන දින 12 වන සේනාංක මුලස්ථානය සහ යටතේ ඇති බළසේනා මුලස්ථාන වෙත සංචාරය කරන ලදි.
19th April 2020 11:10:43 Hours
දැනට රටතුල පවතින කොරෝනා වෛරස තත්වය හේතුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන හි සේවය කරමින් සිටින කාර්යය මණ්ඩලයට මෙන්ම නිරෝධායනයට ලක්ව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අයවළුන්ගේ කායික මානසික තත්වය මැනවින් පවත්වාගෙන යාම මුල්කොටගෙන දියතාලාව මුලික රෝහල වෙතින් 2020.04.18 වන දින දේශණ වැඩමුළුවක් පවත්වන ලදි.
19th April 2020 09:07:02 Hours
දැනට රටතුල පවතින කොරෝනා වෛරස තත්වය හේතුවෙන් යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධීක්ෂනය මත 11 වන සේනාංක බළප්‍රදේශයේ (මහනුවර හා බදුල්ල දිස්ත්‍රික්කයන්) තුල නිරෝධායන මධ්‍යස්ථාන 04 ක් ස්ථාපිත කරන ලදී.
15th April 2020 15:03:25 Hours
ආසේමු මධ්‍යම වෙත බළප්‍රදේශයට අයත් 1 වන ගැමුණුහේවා බළඇණියේ සහ කහගොල්ල යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් සති දෙකක නීරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 51 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 2020.04.15 දින වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතික ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව යන ලදි.