06th January 2020 15:22:27 Hours
ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හමුවීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය අනුමැතිය ඇතිව බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් රාජකාරි ඉටුකරනු ලබන (Commodore SM Hakim (ND) BSP ndc ncc psc BN) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.01.06 වන දින ආරක්ෂක සේනා මුලස්ථාන මධ්‍යම ආඥාපති තුමන් හමුවීමට පැමිණෙන ලදී.
01st January 2020 16:24:19 Hours
නව වසර උදාවත් සමඟ රට තුල සෑම රාජ්‍ය/අර්ධ රාජ්‍ය/ආරක්ෂක අමාත්‍යංශයන් මෙන්ම පුද්ගලික ආයතනයන් සියල්ලක්ම ආවර්ණය වන පරිදි විවිධ වු වැඩසටහන් හා උත්සවයන් සංවිධානය කරන ලදි. ඒ අනුව ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම 2020 නව වසර උදාව 2020.01.01 වන දින උදෑසන කාලයේදි අති උත්කර්ෂවත් අයුරින් සමරන ලදි.
30th December 2019 16:36:43 Hours
අතිගරු ජනාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මෙම මූල ආඥාපති තුමන්ගේ පුර්ණ අධික්ෂණයෙන් යුතුව දෙස් විදෙස් අකාර්ෂණය දිනාගත් දිර්ඝ ඉතිහාසයක් ඇති හම්බන්තොට කිරින්ඳ මුහුදු තීරයේ ශ්‍රමදාන වැඩසටහනක් 2019.12.29 වන දින සිදුකරන ලදි.
30th December 2019 12:50:25 Hours
තිස් වසරක රුදුරු ත්‍රස්තවාදය හේතුවෙන් ආබාධිතයට පත්ව මේ වන වින රණක්‍ෂතයට පත්ව ඇති රණවිරුවන් හට නව ජිවයක් ගෙන දෙමින් 2019.11.22 වන දින නගදීපය පුරාණ රජමහා විහාරයෙන් ආරම්භවු යුද්ධ හමුදා හා නවික හමුදා රණෂිතයට පත් රණවිරුවන් දෙදෙනාගේ අධිෂ්ඨාණයෙන් යුත් වෙහෙසකර පා ගමන 2019.12.28 වන දින අති උත්කර්ෂවත් අයුරින් ඓතිහාසික කතරගම කිරිවේරහ පූජා භුමියේ නිමාවට පත්වන ලදි.
07th December 2019 12:00:14 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එල්.එච්.එස්.සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව 2019.12.06 දින ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නිල සංචාරය සිදුකළ අතර එහිදී, ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ සේවයේ නියුතු තුන්සීයකට අධික භටපිරිසක් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ඉහළම ගෞරවාචාරය පුද කරන ලදි.
05th December 2019 09:53:54 Hours
මේ දිනවල රට තුල පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් මෙම ආසේමු බළප්‍ර දේශයේ ස්ථානයන් කිහිපයක හදිසි අපදා තත්වයන් හා නායයෑම් තත්වයන් ඇති වු අතර, එම හේතුවෙන් වටිනා ජිවිත හතරක් මේ වන විටත් වන්දිගෙවා අවසන්වී ඇත.
21st November 2019 10:10:47 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාව මගින් පාලනය වන මෙම ආරකෂක සේනා මධ්‍යම බළප්‍රදේශයේ ස්ථාපිත දියතලාව විරුකැකුළු පෙර පාසලෙහි ඉගෙනුම ලබන දුවාදරුවන්ගේ කුසලතාවයන් හා හැකියාවන් එළිදැක්විමේ වාර්ෂික විවිධ ප්‍රසංගය යුද්ධ හමුදා විද්‍යාපීඨ ටෝව් සිනමා ශාලාවේදි උත්කර්ෂවත් අයුරින් 2019 නොවැම්බර් මස 19 වන දින පවත්වන ලදි.
13th November 2019 11:08:46 Hours
ආරක්ෂක සේනා මධ්‍යම වෙතින් පාලනය වන 11 සේනාංක මුලස්ථානය යටතේ පාලනය වන බළසේනාංක මුලස්ථාන බළප්‍රදේශයේ පිහිටි මුදුන් මල්කඩක් වැනි ශ්‍රි පාදස්ථාන හා නල්ලතන්නිය භූමියේ නව යුද්ධ මුලස්ථානය විවෘත කිරිම වෙනුවෙන් යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් හා මඟ පෙනිවීම මත මෙම මුල ආඥාපති තුමන්ගේ පුර්ණ අධික්ෂණය හා සහභාගිත්වයෙන් යුතුව ප්‍රජාසත්කාර වැඩසටහනක් 2019.11.11 වන දින සාර්ථක අයුරින් පවත්වන ලදි.
24th October 2019 09:17:23 Hours
මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෙම මුලය යටතේ පාලනය වන 8 වන ශ්‍රිලංකා යුද්ධ හමුදා සේවා බළකා ඒකකයේ දැනට පවතින වත්මන් තත්වය හා එහි අඩුපාඩුකම් පිලිබඳ සොයාබැලීම සඳහා සංචාරයක නිරත වූහ.
01st October 2019 17:43:12 Hours
ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම සේවා සපයන්නා මෙන්ම මාතෘභූමියේ ආරක්ෂයා ලෙස නිර්භීත හා පරාර්ථකාමී පරිත්‍යාගයන් සිදුකරමින් පසුගිය දිනවල අසමසම වාර්තාවන් පිහිට වූ ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 70 වන යුද්ධ හමුදා දිනයට (ඔක්තෝම්බර් 10) සමගාමීව වර්ණ ධජයන්ට ආශීර්වාද කිරීමේ ප්‍රථම ආගමික වැඩසටහක් 2019.09.28 වන දින උදෑසන ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපතිවන ලුතිනන් ජෙනරාල් එල් එච් එස් සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ප්‍රධානත්වයෙන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරිනියන් මෙන්ම සෙසුනිළයින් විශාල ප්‍රමණයක් මහනුවර ශ්‍රි දළඳා මාළිගාවේදී පවත්වනු ලැබීය.