Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th February 2021 09:36:37 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) නව ආඥාපති තුමන් තනතුරෙහි වැඩ භාර ගැනීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස නි/60842 මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.02.24 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් ආඥාපති තනතුරෙහි වැඩභාර ගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද, 23 ගජබා රෙජිමේන්තු ඒකකයෙහි භටපිරිස් සහභාගිත්ව‍යෙන් සම්මාන පෙළපාලියක් හා කඳවුරු සම්මාන මුරයක් ආඥාපති තුමන් හට පිරිනමන ලදි. පසුව මෙම අවස්ථාව සඳහා සහභාගි වූ මෙම මුලය යටතේ පාලනය වන 11 පාබල සේනාංකය, 12 පාබල සේනාංකය, පාබල බසේමු, පුහුණු පාසැල් හා ඒකකයන්හි රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා නිලධාරින් එක්ව ආඥාපතිතුමන් උණුසුම් අයුරින් පිලිගත් අතර, ආඥාපති තුමන් කඳවුරු භුමියේ නා පැලයක් රෝපණය කර සියළු නිලයින් ඇමතීමෙන් පසු සියළු නිලයින් එක්ව ආඥාපති තුමන් හට තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි.