Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

31st March 2021 21:36:27 Hours

සිරස ගුවන් විදුලි නාලිකාවේ 25 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් දිලිඳු පවුලක් වෙත ඉදිකර නිවස සුභ මොහොතින් ඔවුන් වෙත පරිත්‍යාග කරන ලදි.

සිරස ගුවන් විදුලි නාලිකාවේ 25 වන සංවත්සරයට සමගාමීව “සිරස නිවාස” වැඩසටහන යටතේ ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයේ පිහිටා ඇති බණ්ඩාරවෙල දූල්ගොල්ල ප්‍රදේශයේ තෝරාගන්නා ලද දිලිඳු පවුලක් වෙත යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් ඉදිකල නිවස 2021.03.27 වන දින සුභ මොහොතින් නිවාසලාභී පත්මා කුමාරි මහත්මිය අයිතියට පත් කරන ලදි.

එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරදිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, සිරස FM නාලිකා ප්‍රධානි සජිත් රත්නායක මහතා, මහජන සම්බන්ඳතා අධ්‍යක්‍ෂක සිරස මාධ්‍ය ජාලය ප්‍රියන්ත විජේසිංහ මහතා, 112 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී ඒ කේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙන්ම සිරස මාධ්‍ය ජාලයේ විධායක නිලධාරීන් පිරිසක් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගිවු අතර, වැඩසටහන සාර්ථක අයුරින් සිදුකිරිම වෙනුවෙන් මෙම මුලය හා යටතේ රාජකාරි ඉටුකරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින්, සෙසුනිලයින් හා ප්‍රදේශවාසීන් සහභාගි වන ලදි.