18th June 2020 12:57:44 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම භට පිරිස් විසින් දියතලාව කළුඅඹතැන්න ප්‍රදේශයේ අදියර වශයෙන් සකස් කල වගා බිමක 2020 ජූනි මස 17 වන දින 0800 පැයට යෙදුනු සුබමොහොතිත් අර්තාපල් බීජ රෝපණය කරන ලදි.
16th June 2020 21:37:24 Hours
උමාඔය ව්‍යාපෘතියේ සේවය කරන ලද ඉරාන ජාතිකයින් 85 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබු අතර, ඔවුන් දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සිදු කිරිම සඳහා ඇල්ල ප්‍රදේශයේ පිහිටි උමාඔය ප්‍රධාන කාර්යාල තුල පිහිටි නේවාසිකාගාර එහි සේවය කරන කාර්ය මණ්ඩලය විසින් සූදානම් කර තිබු හෙයින් කොවිඩ් - 19 තර්ජනය හමුවේ එම ස්ථානයන් සෞඛය ආරක්ෂිතව සකස් කර තිබේද යන්න සොයා බැලිම සඳහා මෙම මූල ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්ඩීසීකේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා විසින් 2020.06.15 වන දින නිරික්ෂණ සංචාරයක නිරත වන ලදී.
08th June 2020 09:31:47 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසු 2020.06.04 වන දින 23 වන ගජබා රෙජිමේන්තුව හා 3 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුලුව යන ඒකකයන් හි නිරීක්‍ෂණ සංචාරයක නිරත වු අතර, කතරගම කිරිවෙහෙර විහාරස්ථානය, කතරගම දේවාලය හා වැඩසිටිකන්ද විහාරස්ථානයද වැඳපුදා ගන්නා ලදී.
03rd June 2020 10:37:32 Hours
අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ප්‍රජා සවිබල ගැන්වීමේ සහ පසු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරය හෙබවූ ආරුමුගන් තොන්ඩමන් මහතා පසුගිය 26 වන දින අභාවප්‍රාප්ත විය. පාර්ලිමේන්තු පරිශ්‍රයේ තැම්පත්කර තිබූ එතුමන්ගේ දේහය 29 වන දින ගුවනින් ගම්පොල ප්‍රදේශයට රැගෙන ආ අතර,එහි සිට කොත්මලේ පිහිටි එතුමන්ගේ නිවස වෙත රැගෙන එන ලදි. පසු දින හැටන් කොටගල පිහිටි කම්කරු කොංග්‍රස් කාර්යාලය වෙත එතුමන්ගේ දේහය ගෙන එන ලදි.
31st May 2020 13:45:00 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) භට පිරිස් විසින් දියතලාව නරියා කන්ද ප්‍රදේශයේ ආරක්ෂක සේනා(මධ්‍යම) මූලස්ථානයට යාබදව පිහිටි බිම් කොටසක වගා බිමක් ආරම්භ කිරීමේ පළමු අදියර වශයෙන් ලියදි සකස් කිරීමේ කටයුතු ඉකුත් 25 වන දින ආරම්භ කරන ලදි.
22nd May 2020 13:50:37 Hours
ආරක්‍ෂක සේනා(මධ්‍යම) යටතේ පාලනය වන මහනුවර පල්ලේකැලේ ඉදිවෙමින් පවතින නව යුහ රෝහලේ දැනට පවතින වත්මන් තත්වය හා එහි අඩුපාඩුකම් පිලිබඳව සොයාබැලීම සදහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩි සි කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.05.19 දින නිරීක්‍ෂණ සංචාරයක් සිදුකරන ලදී. තවද 112 බළසේනා මූලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඊ ඒ පී එදිරිවීර ආර්ඩබ්ලිව්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් මෙම සංචාරය සඳහා සභාගි වන ලදි.
22nd May 2020 13:39:03 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයේ මේ දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක් ආපදාවන්ට ලක්වු අතර, එහි දී ආපදාවන් සිදුවු ස්ථාන කිහිපයක් හා ආපදාවන් වලට ලක්වු පුද්ගලයින් පිළිබඳව සොයා බැලිම සඳහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුලුව 112 බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඊ ඒ පි එදිරිවිර ආර්ඩබ්ලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් මෙම අවස්ථාවට සහභාගි වන ලදි.
22nd May 2020 13:19:36 Hours
11 වන ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමඟාමීව මධ්‍යම පලාත් රණවිරු සැමරුම් උත්සවය - 2020 මයිලපිටිය උද්‍යානයේදී 2020.05.19 වන දින පවත් වන ලදී. මෙම උත්සව අවස්ථාව සඳහා සටනේදී මියගිය, ආබාදිත, අතුරුදහන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ඥාතීන් සහභාගී වූ අතර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර වන ලලිත් යූ ගමගේ මහතා එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වන ලදී.
15th May 2020 21:12:23 Hours
ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසු 2020.05.14 වන දින 112 වන බලසේනා මුලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වු අතර, මුතියංගණය රජ මහා විහාරස්ථානය හා මහියංගනය රජ මහා විහාරස්ථානයද වැඳපුදා ගන්නා ලදී.
11th May 2020 21:02:17 Hours
17 වන ඉංජිනේරු සේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉතා කෙටි කාලයක් තුළ මහනුවර මහ රෝහලේ තිස් හයවන වාට්ටුව තුල කොවිඩ් - 19 රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා අතරමැදි දැඩිසත්කාර ඒකකයක් ලෙසට නවීකරණය කර 2020.05.10 වන දින උදෑසන 1000 පැයට මහනුවර මහ රෝහලේ අධ්‍යක්‍ෂක තුමා වෙත භාරදෙනු ලැබීය.