Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th August 2020 09:06:26 Hours

දියතලාව යුද්ධ හමුදා මූලික රෝහලේ ඉදිකරන කාඩ්පත් අංශය හා පුල්හිම්ස් අංශය ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ සුරතින් විවෘත කරන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයට අයත් දියතලාව යුද්ධ හමුදා මූලික රෝහලේ පැවති දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් සේවයේ නියුතු භඨ පිරිසකගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද කාඩ්පත් අංශය හා පුල්හිම්ස් අංශ ගොඩනැගිල්ල යුද්ධ හමුදා මූලික රෝහල දියතලාව නිලධාරි අණදෙන මේජර් වෛද්‍ය ඩී රත්නවීර යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ආරාධනයෙන් 2020.08.11 දින උදෑසන ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් විවෘත කරන ලදි.