14th April 2020 15:29:20 Hours
මෙම මුලයෙහි 11 වන ආඥාපති වශයෙන් නි/60551 මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020 අප්‍රේල් මස 11 වන දින 1226 පැයට යෙදුනු සුභ මොහොතින් ආගමික වාතාවත් සිදුකර සිය නව තනතුරේ රාජකාරින් භාරගැනීම සිදු කරන ලදි.
17th March 2020 11:42:53 Hours
ආරක්ෂක සේනා මුලස්ථාන මධ්‍යම 7 වන සංවත්සරය ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි විඑස්වී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්විම මත සියළුම නිළයින්ගේ සහභාගිත්වයෙන් සාර්ථක අයුරින් වැඩසටහන් මාලාවක් සිදු කරන ලදි.
06th March 2020 12:53:20 Hours
ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හමුවීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය අනුමැතිය මත ඉන්දියානු යුද්ධ හමුදාවේ රාජකාරි ඉටුකරනු ලබන “ BRIGADIER ARUN KUMAR BHARADWAJ, COLONEL MUDIT MAHAJAN ”යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.03.05 වන දින ආරක්ෂක සේනා මුලස්ථාන මධ්‍යම ආඥාපති තුමන් හමුවීමට පැමිණෙන ලදී.
02nd March 2020 12:26:47 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයේ පිහිටා ඇති නරියා කන්ඳ (FOX HILL)හි තෝරාගන්නා ලද භූමියක සිරස ගම්මැද්ද වැඩසටහන යටතේ රුක්රෝපණ වැඩසටහනක් 2020.02.29 වන 0800 පැයේ සිට 1200 පැය දක්වා කාලය තුල අති සාර්ථක අයුරින් පවත්වන ලදි.
24th February 2020 15:56:40 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව සහ සැම්බියන් යුද්ධ හමුදාව අතර පවත්නා ද්වීපාර්ශ්වික සුහදත්වය, සම්බන්ධතාවය සහ අවබෝධය තවදුරටත් ශක්තිමත් කරමින් සැම්බියන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්) (Lieutenant General W.M Sikazwe psc DIP (DSS) MA (DSS) යන ජ්‍යෙෂ්ඨ නිලධාරී සමඟින් හමුදා නියෝජිතයින් 6 දෙනෙකු සුහද සංචාරයක් සඳහා දියතාලාවට පැමිණෙන ලදි.
06th January 2020 15:22:27 Hours
ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හමුවීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය අනුමැතිය ඇතිව බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් රාජකාරි ඉටුකරනු ලබන (Commodore SM Hakim (ND) BSP ndc ncc psc BN) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.01.06 වන දින ආරක්ෂක සේනා මුලස්ථාන මධ්‍යම ආඥාපති තුමන් හමුවීමට පැමිණෙන ලදී.
01st January 2020 16:24:19 Hours
නව වසර උදාවත් සමඟ රට තුල සෑම රාජ්‍ය/අර්ධ රාජ්‍ය/ආරක්ෂක අමාත්‍යංශයන් මෙන්ම පුද්ගලික ආයතනයන් සියල්ලක්ම ආවර්ණය වන පරිදි විවිධ වු වැඩසටහන් හා උත්සවයන් සංවිධානය කරන ලදි. ඒ අනුව ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම 2020 නව වසර උදාව 2020.01.01 වන දින උදෑසන කාලයේදි අති උත්කර්ෂවත් අයුරින් සමරන ලදි.
30th December 2019 16:36:43 Hours
අතිගරු ජනාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මෙම මූල ආඥාපති තුමන්ගේ පුර්ණ අධික්ෂණයෙන් යුතුව දෙස් විදෙස් අකාර්ෂණය දිනාගත් දිර්ඝ ඉතිහාසයක් ඇති හම්බන්තොට කිරින්ඳ මුහුදු තීරයේ ශ්‍රමදාන වැඩසටහනක් 2019.12.29 වන දින සිදුකරන ලදි.
30th December 2019 12:50:25 Hours
තිස් වසරක රුදුරු ත්‍රස්තවාදය හේතුවෙන් ආබාධිතයට පත්ව මේ වන වින රණක්‍ෂතයට පත්ව ඇති රණවිරුවන් හට නව ජිවයක් ගෙන දෙමින් 2019.11.22 වන දින නගදීපය පුරාණ රජමහා විහාරයෙන් ආරම්භවු යුද්ධ හමුදා හා නවික හමුදා රණෂිතයට පත් රණවිරුවන් දෙදෙනාගේ අධිෂ්ඨාණයෙන් යුත් වෙහෙසකර පා ගමන 2019.12.28 වන දින අති උත්කර්ෂවත් අයුරින් ඓතිහාසික කතරගම කිරිවේරහ පූජා භුමියේ නිමාවට පත්වන ලදි.
07th December 2019 12:00:14 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එල්.එච්.එස්.සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව 2019.12.06 දින ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නිල සංචාරය සිදුකළ අතර එහිදී, ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ සේවයේ නියුතු තුන්සීයකට අධික භටපිරිසක් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ඉහළම ගෞරවාචාරය පුද කරන ලදි.