Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th April 2020 20:19:35 Hours

යුද්ධ හමුදා කඳවුරු තුල වගා කිරිම සඳහා අවශ්‍ය එළවළු බීජ බෙදාදීමේ වැඩ සටහනක් පැවැත්වීම

රටෙහි ඉදිරි ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් අතිගරු ජනාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය වෙතින් ක්‍රියාත්මක “සෞභාග්‍යා ගෙවතු වගා” වැඩ සටහන යටතේ යුද්ධ හමුදා කඳවුරු තුල වගා කිරිම සඳහා එළව‍ළු බීජ පැකට්‍ ලබාදිය හැකි බව මහාවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් විසින් යුද්ධ හමුදා මුලස්ථානයන් වෙත දැනුම් දෙන ලදි.

ඒ අනුව මෙම ආසේමු බළප්‍රදේශය තුල ස්ථාපිත ඒකකයන් වෙත 2020.04.30 වන දින ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් එම එළවළු බීජ ඒකක අණදෙන නිලධාරින් වෙත ලබා දෙන ලදී. තවද මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) කඳවුරේ රාජකාරි නියතු ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගිවන ලදී.