04th April 2019 09:07:43 Hours
අතිගරු ජනාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව මතින් තොර නිදහස් රටක් හා නිදහස් හෙටදිනක් යන තේමාව පෙරදැරි කර ගනිමින් ශ්‍රී ලංකාවේ සියළුම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන් තුළ නිලවශයෙන් ප්‍රතිඥාදීමෙි වැඩ සටහන් මාලාවක් 2019.04.04 වන දින පවත්වන ලදි. ඒ අනුව යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන් මාලාව යුද්ධ හමුදාවට අයත් සියළුම ස්ථානයන්හි පැවැත්වීමට කටයුතු යොදා තිබු අතර, මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්‍ෂණය මත මෙම මුලය හා සෙව්බපුපා(දිය) හි රාජකාරි කරනු ලබන සියළුම නිලධාරි/සෙසුනිලයින් විශාල ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරන ජාතික දිවුරුම් දීමේ ප්‍රතිඥාව සිදුකරන ලදි.
02nd April 2019 17:50:36 Hours
මෙම ආසේමු (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙම මුල ආඥාපති තනතුරෙන් නික්ම යාමට ප්‍රථම 2019.04.02 වන දින 11 වන සේනාංක මුලස්ථාන සංචාරය සිදු කරන ලදි.
29th March 2019 17:18:27 Hours
මෙවර ශ්‍රි පාදස්ථාන වන්දනා වාරය ඇරඹීමත් සමග එය වැදපුදා ගැනිමට විශාල වශයෙන් පැමිනෙන සිවිල් ජනතාව විසින් ඉවතලන කැලිකසල හේතුවෙන් නල්ලතන්නිය මාර්ගය දැඩි පරිසරික දුෂණයට ලක්වී ඇත. ඒ අනුව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සංකල්පයක් මත අනෙකුත් නිලධාරින්ගේ පුර්ණ අධික්ෂණය යටතේ භටපිරිස් විශාල ප්‍රමාණයකගේ සහයෝගය මත ශ්‍රමදාන වැඩසටහනක් 2019.03.29 වන දින පවත්වන ලදි.
29th March 2019 12:37:00 Hours
යුධ හමුදා සේවා වනිතා ශාඛාව මගින් පාලනය වන ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ ස්ථාපිත දියතලාව විරුකැකුළු පෙර පාසලෙහි ඉගනුම ලබන සිගිති දරු දැරියන්ගේ වාර්ෂික ක්‍රිඩා උත්සවය සේවා වනිතා ශාඛාවේ පූර්ණ උපදෙස් මත 2019 මාර්තු මස 26 වන දින 1030 පැයට දියතලාව විරුකැකුළු පෙර පාසලෙහිදී උත්සවාකාරයෙන් පවත්වන ලදී.
26th March 2019 15:42:07 Hours
මෙම මුල 6 වන සංවත්සරය ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර්පි ද සිල්වා යුඑස්පි එන්ඩියු අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්විම මත සියළුම නිළයින්ගේ සහභාගිත්වයෙන් සාර්ථක අයුරින් වැඩසටහන් මාලාවක් සිදු කරන ලදි.
25th March 2019 12:29:15 Hours
අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා යුද්ධ හමුදාපති තුමන් ඇතුළු ,ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ,11 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටි ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරි රැසක්ගේ සහභාගිත්වයෙන් 2019.03.23 වන දින 1400 පැයට මහනුවර ශ්‍රි දළදා මාළිගා මහමලුවෙදි ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරිම සඳහා යුනෙස්කෝ සංවිධානයට භාරදිමේ රාජ්‍ය උත්සවය සාර්ථකව සිදුකරන ලදි.
17th March 2019 20:56:31 Hours
2018 වර්ශයේ ශ්‍රිලංකා යුධ හමුදා අන්තර් රෙජිමෙන්තු පැසිපන්දු තරගාවලිය ශ්‍රිලංකා යුද්ධ හමුදා පැසිපන්දු කමිටු සභාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර්පි ද සිල්වා යුඑස්පි එන්ඩියු අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධික්ෂණය යටතේ පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ පැසි පන්දු ක්‍රිඩා පිටියේදි පැවැත්වෙන ලදි. එමෙන්ම කාන්තා හා පිරිමි අවසන් මහා තරගය 2019.03.15 වන දින ශ්‍රිලංකා යුද්ධ හමුදාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වු අතර, තරගාවලිය අති සාර්ථක අන්දමින් නිමාවට පත් විය.
22nd February 2019 17:59:57 Hours
මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙම මුලය යටතේ පාලනය වන ඒකකයන් හි දැනට පවතින වත්මන් තත්වය හා එහි අඩුපාඩුකම් පිලිබඳව සොයාබැලීම සඳහා දෙදින සංචාරයක් සිදු කරන ලදී.
19th January 2019 14:38:06 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම මත හේමාස් අයතනයේ පුර්ණ අනුග්‍රහය යටතේ බන්ඩාරවෙල නගරයේ දි නව පෙර පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා 2019 ජනවාරි මස 19 වන දින 0940 පැයට යෙදුනු සුභ මොහොතින් මුල්ගල් තැබීම සිදු කරන ලදි.
17th January 2019 22:05:17 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්විම මත ලුතිතන් කර්නල් ඩබ්ලිව් එම් ආර් පි විජේසුන්දර යන නිලධාරිගේ පුර්ණ අධීක්ෂණය යටතේ පොත් බෙදාදිමේ වැඩසටහනක් කොටමුදුන - පස්සර මො/රනුගල්ල මහා විද්‍යාලයේදි 2019 ජනවාරි මස 17 වන දින පවත්වන ලදි.