Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th June 2019 17:12:42 Hours

ආසේමූ (මධ්‍යම) වෙතින් පොසොන් පොහෝ දිනයට සමගාමීව ආගමික වැඩසටහන් පැවැත්වීම

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විඑස්වි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ පොසොන් පොහෝ දිනයට සමගාමීව ආගමික වැඩසටහන් රැසක් මෙම මූලය විසින් සිදුකරන ලදී.

ඒ අනුව යුද්ධයේදී මියගිය අබාධිත සහ දැනට සේවයේ යෙදි සිටින රණවිරුවන් උදෙසා ආශිර්වාද පූජාවක් සහ පිරිත් සජ්ඡායනාවක් බලංගොඩ උඩුමුල්ල ශ්‍රී නන්දාරාම විහාරස්ථ පුස්ථකාල ශ්‍රවණාගාරයේදී 2019.06.14 වන පැවැත්වු අතර, ඒ සඳහා මෙම මුල රාජකාරියේ නියුතු නිලධාරින් / සෙබලුන් 01 x 40 ක ප්‍රමාණයක් සහභාගී කරවන ලදී. තවද පොසොන් පුර පසලොස්වක පොහෝ දින ප්‍රධාන ආගමික වැඩසටහන මෙම මූල බෝධිකන්ද ඓතිහාසික බෝධීන් වහන්සේ අභියසදී ආ‍ඥාපතිතුමාගේ සහභාගීත්වයෙන් සිදුකරන ලද අතර මෙදිනම දියතලාව පොදු වෙළඳ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ බත් දන්සල විවෘත කිරීමේ කටයුතු සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් මෙම මූල අඥාපතිතුමන් සහභාගී වන ලදී. තවද ආඥාපතිතුමාගේ උපදෙස්මත බත් දන්සලේ ආහාර පිසීමේ කටයුතු සඳහා යුධ හමුදා භඨපිරිස් දායකත්වය දක්වන ලද අතර, බත් දන්සල සඳහා පූර්ණ ආරක්‍ෂාව මෙම මූල භඨ පිරිස් විසින් ලබා දෙන ලදී.