Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st July 2019 16:46:06 Hours

සංහිදියාව හා සහජිවනය වර්ධණය කිරිමේ අරමුණින් අති උත්කර්ශවත් අයුරින් සංගිත ප්‍රසංගයක් පැවැත්වීම

2019.04.21 වන දින පාස්කු ඉරිදා දින කොළඹ, මිගමුව සහ මඩකලපුව යන ප්‍රදේශයන්හි කතොලික දේවස්ථාන කිහිපයකට සහ මෙරට ප්‍රසිද්ධ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත වාදින් විසින් සිදු කල ප්‍රහාරයන් පසු සංහිදියාව සහ සහජිවනය වර්ධණය කිරිම සඳහා 11 වන සේනාංක මුලස්ථාන සේනාංකාධිපති මේජර් ජේනරාල් ටි ජේ නානායක්කාර ආර්ඩබ්ලිවිපි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 2019.06.29 වන දින රාත්‍රි 1900 පැයේ සිට 2300 පැය දක්වා කුන්ඩසාලේ එස්ඩබ්ලිව්ආර්ඩි බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රිඩාංගනයේදි එකට සිටිමු යන තේමාවෙන් සංගිත ප්‍රසංගනයක් මහජනතාව හට නොමිලේ නැරඹිමට අවස්ථාවක් සලසාදීමට කටයුතු සිදු කරන ලදි.

මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි වු අතර, ආරාධිත රාජ්‍ය නිලධාරින් සහ පුද්ගලික ආයතන නිලධාරින් මෙන්ම සිවිල් ජනතාව විශාල පිරිසක් මෙම සංගිත සැදෑව රසවිදිම හා විනොද විමට සහභාගි වන ලදි. එමෙන්ම සිදු කරන්නාවු මෙම මහගු අවස්ථාව සමස්ථ ජනාතාවගේ එකමුතු භාවය සහ සහජිවනය ශක්තිමත් කිරිම මෙන්ම වර්ධණය කිරිම තුලින් නිදහස් නිවහල් රටක් ගොඩනැගිම මෙම සංගිත සැදැවේ මුලික අරමුණ විය.