Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

28th June 2019 17:12:12 Hours

යුද්ධ හමුදා ශ්‍රමදායකත්වය මත හෙටදින ලොව එලියකරන දරුදැරියන් උදෙසා පෙරපාසල් ගොඩනැගිල්ලක් ලබාදීම

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයේ පිහිටි බණ්ඩාරවෙල නගරය ආශ්‍රිතව ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල් වල දරු දැරියන් උදෙසා නව පෙරපාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරිමට හේමාස් ආයතන‌ෙ වෙතින් මුල්‍ය පරිත්‍යාගයක් මත මෙම මුල ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විඑස්වි එන්ඩීයු යන ‌‌ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිළධාරි වශයෙන් රාජකාරි ඉටුකරණු ලබන ලුතිතන් කර්නල් ඩබ්ලිව් එම් ආර් පි විජේසුන්දර ශ්‍රිලයුපුබ යන ජ්‍යේෂ්ඨ නිළධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ යුද්ධ හමුදා ශ්‍රමදායකත්වය මත සියළු වැඩකටයුතු අවසන් කර 2019.06.28 වන දින අති උත්කර්ශවත් අන්දමින් විවෘත කරන ලදි.

එම අවස්ථාවේ ප්‍රධාන ආරධිත අමුත්තන් වශයෙන් මෙම මුල ආඥාපති තුමන් හා බණ්ඩාරවෙල නගරාධිපති තුමන් සහභාගි වු අතර, ජ්‍යේෂ්ඨ නිළධාරින් හා සෙසුනිළයින් මෙන්ම සිවිල් ජනතාව විශාල ප්‍රමාණයක් සහභාගි වන ලදි. චාරිත්‍රානුකූලව ආගමික වාතාවත් සිදුකොට අනාගතයේ ලොව භාරගන්නා දරු දැරියන්ගේ මුල් අඩිතාලම ශක්තිමත් කිරිමට හා ඔවුන්ගේ ඉදිරි ඉ‌ගනීම් කටයුතු සාර්ථක අයුරින් සිදු කර ගැනීමට යුද්ධ හමුදා සමාජිකයින්ගේ ශ්‍රමදායකත්වය මත නිමාවට පත්වු මෙම පෙරපාසල් ගොඩනැගිල්ල දරු දැරියන්ගේ ප්‍රයෝජනය සදහා ඉදිකර ලබා දෙන ලදි.