Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

මුල් පුවත

  • ආසේමූ (මධ්‍යම) වෙතින් පොසොන් පොහෝ දිනයට සමගාමීව ආගමික වැඩසටහන් පැවැත්වීම

    16th June 2019 17:12:42 Hours

    ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විඑස්වි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ පොසොන් පොහෝ දිනයට සමගාමීව ආගමික වැඩසටහන් රැසක් මෙම මූලය විසින් සිදුකරන ලදී.

  • ජගත් පරිසර දිනය නිමිත්තෙන් බඹරකන්ඳ රක්‍ෂිතය තුල රුක්රෝපණය කිරිමේ වැඩසටහනක් පැවැත්වීම

    06th June 2019 18:05:51 Hours

    අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ජගත් පරිසර දිනය නිමිත්තෙන් බඹරකන්ඳ රක්‍ෂිතය තුල රුක්රෝපණය කිරි‍මේ වැඩසටහනක් ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වි යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මග පෙන්වීම මත මෙම මුල ජ්‍යෙෂ්ඨ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි වශයෙන් රාජකාරි ඉටුකරනු ලබන ලුතිතන් කර්නල් ඩබ්ලිව් ආර් එම් පි විජේසුන්දර ශ්‍රිලයුපුබ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධික්‍ෂණය මත කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව යටතේ ඇති හදබිම අධිකාරිය හා හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව 2019.06.05 වන දින ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

  • මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උත්සවය - 2019

    14th May 2019 21:36:27 Hours

    මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උත්සවය - 2019 මයිලපිටිය උද්‍යානයේදී 2019.05.14 වන දින 0900 පැයේ සිට 1130 පැය දක්වා ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත් වන ලදී. මෙම උත්සව අවස්ථාව සඳහා සටනේදී මියගිය, අතුරුදහන් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ළගම ඥාතීන් 500 දෙනෙකු පමණ සහභාගී වූ අතර, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ ගරු මෛත්‍රි ගුණරත්න මැතිතුමා එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වන ලදී.

  • ආසේමු (මධ්‍යම) ආඥාපති තුමන්ගේ 12 වන සේනාංක සංචාරය

    25th April 2019 15:11:07 Hours

    මෙම ආසේමු (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබිලිපි ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසු 2019.04.24 වන දින 12 වන සේනාංක මුලස්ථානය හා ඒ යටතේ පාලනය වන 121 බසේමු හා 122 බසේමු යන්හි සංචාරය සිදු කරන ලදි.

  • නව අවුරුදු උදාවත් සමගම ආසේමූ (මධ්‍යම) වැඩ ආරම්භ කිරීම

    24th April 2019 09:13:21 Hours

    නව අවුරුදු උදාවත් සමගම 2019.04.14 වන දින මෙම ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හා ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් / ජ්‍යෙකොනොනීන් සියලුම සෙසුනිළයින්ගේ සහභාගීත්වයෙන් චාරිත්‍රානුකුලව කිරි උතුරුවා තේ පැන් සංග්‍රහයක් පවත්වන ලද අතර, මෙහිදී ආඥාපති තුමන් විසින් සියඑම නිළයින් අමතා අලුත් අවුරුදු සුභාශිංෂණ පිරිනමන ලදී.

  • සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් රුක් රෝපණය කිරීම.

    16th April 2019 17:23:01 Hours

    මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාවත් සමගම අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව 2019.04.15 වන දින පූර්වභාග 1117 යෙදී තිබූ පැළ සිටුවීමේ නැකතට මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් /ජ්‍යෙකොනොනින් හා සියලුම සෙසුනිළයින් සහභාගීත්වයෙන් දියතලාව යුධ හමුදා රෝහල් පරිශ්‍රයේදී පැල 100 ක් සිටුවීම සිදු කරන ලදී.

  • ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව ආඥාපති තුමන් වැඩ භාර ගැනිම

    12th April 2019 16:45:24 Hours

    මෙම මුලයෙහි දසවන ආඥාපති වශයෙන් මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය තනතුරේ රාජකාරින් භාරගැනීම 2019 අප්‍රේල් මස 12 වන දින 1000 පැයට යෙදුනු සුභ මොහොතින් සිදු කරනු ලැබු අතර, එතුමන්හට 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් භටපිරිස් විසින් කදවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් මෙම මුල රොන්ඩව් සරඹ භූම්යේදී පිරිනමා ආඥාපති තුමන් පිළිගන්නා ලදී.

  • ආරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන ආඥාපති තුමන් නික්මයෑමේ උත්සවය

    10th April 2019 16:52:39 Hours

    මෙම මුලයෙහි නව වන ආඥාපති වශයෙන් රාජකාරි සිදුකල මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය තනතුරෙන් නික්මයාම නිමිති කොටගෙන 2019 අප්‍රේල් මස 10 වන දින ආඥාපති වෙත 9 වන ශ්‍රීලංසිරෙ භඨපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් මෙම මුල රොන්ඩව් සරඹ භූමීයේදී සිදු කරන ලදී.

  • ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සූර්ය මංගල්‍යය - 2019

    09th April 2019 16:22:10 Hours

    අළුත් අවුරුද්ද සංස්කෘතික වශයෙන් අප්‍රේල් හෙවත් බක් මාසයේ සමරනු ලබන අතර, අතීතයේ සිටම ශ්‍රි ලංකාවේ පැවති මහා කලා මංගල්‍යයකි. රටේ බහුතර ජනතාව බෞද්ධයන් වන නිසා බෞද්ධ දර්ශනයට ප්‍රමුකතාවය දෙමින් සිංහල අවුරුදු වත් පිලිවෙත් කිරීමට අදත් ශ්‍රි ලාංකික ජනතාව හුරු පුරුදු වී සිටිති. ඒ අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත 2019 නව බක්මහ සැනකෙළිය සියළු සංස්කෘතීන්ට මුල්තැන දෙමින් දියතලාව මුතුකුමරු ක්‍රිඩාංගනයේ අති උත්කර්ෂවත් අයුරින් 2019.04.08 වන දින පවත්වන ලදි.

  • ආසේමු (මධ්‍යම) ආඥාපති තුමන්ගේ 12 වන සේනාංක සංචාරය

    04th April 2019 09:25:03 Hours

    මෙම ආසේමු (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙම මුල ආඥාපති තනතුරෙන් නික්ම යාමට ප්‍රථම දෙවන වරට 2019.04.03 වන දින 12 වන සේනාංක මුලස්ථාන සංචාරය සිදු කරන ලදි.