Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th December 2019 09:53:54 Hours

ආපදාවන් ස්ථානයන් පිළිබඳ සොයාබැලිම සඳහා ආසේමු (මධ්‍යම) ආඥාපති තුමන් පිටත්ව යාම

මේ දිනවල රට තුල පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් මෙම ආසේමු බළප්‍ර දේශයේ ස්ථානයන් කිහිපයක හදිසි අපදා තත්වයන් හා නායයෑම් තත්වයන් ඇති වු අතර, එම හේතුවෙන් වටිනා ජිවිත හතරක් මේ වන විටත් වන්දිගෙවා අවසන්වී ඇත.

එබැවින් යුද්ධ හමුදා භටපිරිස් මැදිහත්වීමෙන් සිවිල් ජනතාව මුදවා ගැනීම හා සහන කටයුතු මෙන්ම ආරක්‍ෂිත ස්ථානයන් වෙත රදවා තැබිමේ කටයුතු මේ වන විටත් සිදුකර ඇති අතර, ඒ පිළිබඳ සොයාබැලිම හා නායගිය ස්ථානය නිරික්‍ෂණය කිරිම සඳහා මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජි ජේ එල් වඩුගේ ආර්ඩබ්පි ආර්එස්පි විඑස්වී යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි පිටත්ව යන ලදි.

තවද, එම අවස්ථාව සදහා 3 වන (ස්වේච්ඡා) ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි හා නිළධාරියන් කිහිප දෙනෙකු හා සෙසුනියින් කිහිප දෙනෙකු ඒ සදහා සම්බන්ධ වන ලදි.