Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

06th January 2020 15:22:27 Hours

බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම ආඥාපති තුමන් හමුවේ

‍ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හමුවීම සඳහා ආරක්‍ෂක අමාත්‍යංශය අනුමැතිය ඇතිව බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් රාජකාරි ඉටුකරනු ලබන (Commodore SM Hakim (ND) BSP ndc ncc psc BN) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.01.06 වන දින ආරක්‍ෂක සේනා මුලස්ථාන මධ්‍යම ආඥාපති තුමන් හමුවීමට පැමිණෙන ලදී.

‍එහිදී ආඥාපති තුමන් හා බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක අතර සුහද අදහස් හුවමාරුවක් පැවැතුනු හෙයින් දෙපාර්ශවය අතර පවත්නා සුහදත්වය යළි සිහිපත් කරමින් ඒ සඳහා උනන්දුවක් දක්වන කාරණා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළහ.

‍මෙම සුහද හමුව අවසානයේ මේජර් ජෙනරල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් සුහදත්වය සහ අවබෝධය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් සංචාරයේ නිරත වූ බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වෙත සමරු තිළිණයක් ප්‍රධානය කළහ.