Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

25th April 2019 15:11:07 Hours

ආසේමු (මධ්‍යම) ආඥාපති තුමන්ගේ 12 වන සේනාංක සංචාරය

මෙම ආසේමු (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසු 2019.04.24 වන දින 12 වන සේනාංක මුලස්ථානය හා ඒ යටතේ පාලනය වන 121 බසේමු හා 122 බසේමු යන්හි සංචාරය සිදු කරන ලදි.

තවද, මෙම අවස්ථාවන් සදහා 12 වන සේනංකාධිපති මේජර් ජෙනරල් ජී ඩබ් ඩී කේ ජයතිලක යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා ඇතුළු 121 බසේමු හා 122 බසේමු යන්හි බළසේනාධිපති වරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහභාගිවන ලදි. තවද, මෙම සංචාරය සිහිපත් කිරීම වෙනුවෙන් එම සියලු ස්ථානයන්හී පැල සිටුවීම්ද ආඥාපති තුමන් විසින් භට පිරිස් ඇමතීමද හා විශේෂ අමුත්තන්ගේ පොතේහි සටහනක් තැබීමද සිදු කරන ලදී. ඉන් අනතුරුව ආඥාපති තුමන් හට සුදානම් කරන ලද සියළු නිළයින්ගේ තේ පැන් සංග්‍රහයන්ටද සහභාගී වන ලදී.