Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

31st May 2020 13:45:00 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය(මධ්‍යම) දියතලාව ප්‍රදේශයේ වගා බිමක් ආරම්භ කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) භට පිරිස් විසින් දියතලාව නරියා කන්ද ප්‍රදේශයේ ආරක්‍ෂක සේනා(මධ්‍යම) මූලස්ථානයට යාබදව පිහිටි බිම් කොටසක වගා බිමක් ආරම්භ කිරීමේ පළමු අදියර වශයෙන් ලියදි සකස් කිරීමේ කටයුතු ඉකුත් 25 වන දින ආරම්භ කරන ලදි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම වගා බිමේ වැඩ කටයුතු ආරම්භ කරන ලදි.