04th October 2020 21:14:24 Hours
71 වන සංවත්සරයට සමගාමීව සියලුම යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආගමික උත්සවයක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 28 දින උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පවත්වන ලදී. මෙම ආගමික උත්සවයේ පළමු අදියර වශයෙන් ‘මුලුතැන්’ සහ ‘ගිලන්පස’ පූජාවක් ද පැවැති අතර එහිදී පැවති සියළු සාම්ප්‍රදායික චාරිත්‍රයන් අවසානයේ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් අභියස යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කරන ලද මූල්‍යමය පරිත්‍යාගය පිළිගත් දියවඩන නිලමේතුමන් විසින් 71 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් සිය සුභාෂිංශනයන් එක් කළේය.
04th October 2020 21:02:47 Hours
ඔක්තෝම්බර් මස 10 වන දිනට යෙදි තිබෙන 71 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන්ට සෙත්පතමින් සිදුකරනු ලැබූ දෙවැනි ආගමික උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී සැප්තැම්බර් 30 දින උදෑසන පැවැත්විණි. යුද්ධ හමුදා මූලස්ථානය, ස්වේච්ඡා බලසේනා මූලස්ථානය, සියලු ආරක්ෂක සේනා මූලස්ථාන, සියලු ඉදිරි නඩත්තු පෙදෙස් මූලස්ථාන, සේනාංක, බලසේනා, රෙජිමේන්තු, ඒකක සහ යුද්ධ හමුදා පුහුණු පාසල් නියෝජනය කරමින් ධජ රැගත් යුද්ධ හමුදා සෙබළුන් සියගණනක් ජය ශ්‍රී මහා බෝධියේ පහල වැලි මළුව වටා තෙවරක් සක්මන් කොට මැද මළුවේදී එම ධජයන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත භාරදුන්හ. සම්ප්‍රදායික ‘හේවිසි’ හා ‘මගුල් බෙර’ හඬ මධ්‍යයේ යුද්ධ හමුදාධිපතිතුමන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරින් බැතිබරව යුද්ධ හමුදා ධජයන් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වටා තැන්පත් කිරීමෙන් අනතුරුව ගරුතර මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කොට සියළු යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද එක් කළහ.
21st September 2020 15:58:05 Hours
සිරස ගුවන් විදුලි නාලිකාවේ 25 වන සංවත්සරයට සමගාමීව “සිරස නිවස” වැඩසටහන යටතේ ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයේ පිහිටා ඇති පැරකුම්පුර ඇතිමලේ ප්‍රදේශයේ තෝරාගන්නා ලද දිලිඳු පවුලක් වන ආර් ඩී නන්දරත්න මහතා හට 18 ගැමුණු හේවා බළකා භඨපිරිස් ශ්‍රමධායකත්වය ලබා දි ඉකල නිවස 2020.09.15 වන දින සුභ මොහොතින් නිවාසලාභී පවුලේ අයිතියට පත් කරන ලදි.
18th September 2020 12:10:01 Hours
“සෞභාග්‍යයේ දැක්ම” සංකල්පයට අනුව රාජ්‍ය අංශයට බඳවාගත් උපාධිධාරීන් 50000 ක් වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන පුහුණු වැඩසටහන 2020.09.14 දින ආරම්භ වු අතර, 2020.09.15 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෙම මූලය යටතේ පාලනය වන පුහුණු පාසල් හි පුහුණු වැඩසටහන් නිරික්ෂණය කරන ලදි.
14th September 2020 23:21:11 Hours
සිරස ගුවන් විදුලි නාලිකාවේ 25 වන සංවත්සරයට සමගාමීව “සිරස නිවස” වැඩසටහන යටතේ ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයේ පිහිටා ඇති බුත්තල යුධගනාව ප්‍රදේශයේ තෝරාගන්නා ලද දිලිඳු පවුලක් වෙත යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් ඉදිකල නිවස 2020.09.12 වන දින සුභ මොහොතින් නිවාසලාභී පවුලේ අයිතියට පත් කරන ලදි.
14th September 2020 23:10:50 Hours
“සෞභාග්‍යයේ දැක්ම” සංකල්පයට අනුව යුද්ධ හමුදා මූලිකත්වයෙන් උපාධිධාරීන් 50000 ක් සඳහා පුහුණු වැඩසටහනක් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති අතර පුහුණු වැඩසටහන් පැවැත්වීමට නියමිත මෙම මුලය යටතේ පාලනය වන පුහුණූ පාසල් වල පහසුකම් හා පවතින තත්වය සොයාබැලීම සඳහා ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්ඩීසීකේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.09.08, 09, 10 දිනයන්හී නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදි.
03rd September 2020 09:41:55 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන් බිනර පුර පසලොස්වක පොහෝ දිනය නිමිති කොටගෙන දියතලාව බෝධිකන්ද බෝමළුවේදී බෝධි පූජා පිංකමක් 2020 සැප්තැම්බර් මස 01 වන දින 0900 පැයේ සිට සිදු කරන ලදි.
14th August 2020 09:06:26 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයට අයත් දියතලාව යුද්ධ හමුදා මූලික රෝහලේ පැවති දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් සේවයේ නියුතු භඨ පිරිසකගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද කාඩ්පත් අංශය හා පුල්හිම්ස් අංශ ගොඩනැගිල්ල යුද්ධ හමුදා මූලික රෝහල දියතලාව නිලධාරි අණදෙන මේජර් වෛද්‍ය ඩී රත්නවීර යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ආරාධනයෙන් 2020.08.11 දින උදෑසන ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් විවෘත කරන ලදි.
07th August 2020 09:53:16 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.08.01 වන දින කතරගම වාර්ෂික ඇසළ පෙරහැර නැරඹීම සඳහා සහභාගි විය.
27th July 2020 17:30:24 Hours
ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසු 2020.07.23 වන දින මහනුවර ශ්‍රි දළදා මාලිගාව වැඳපුදා ගන්නා ලදි.