Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th December 2020 16:15:01 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම හි ආඥාපති තුමන් 7 ශ්‍රීලයුපොහේබ,17 ඉසේරෙ, 7 ශ්‍රිලංසංබ යන ඒකකයන් වෙත නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් එච් පී එන් කේ ජයපතිරණ ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෙන්ම ආරක්‍ෂක සේනා මධ්‍යම බ්‍රිගේඩියර් පාලන භකාස තනතුර හොබවන බිගේඩියර් ටී එම් ජි ජි එස් තෙන්නකෝන් ආර්ඩබ්ලිව්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.12.03 වන දින 7 වන ශ්‍රිලංකා පොලිස් හේවා බළකාය,17 වන ඉංජිනේරු සේවාරෙජිමේන්තුව සහ 7 වන ශ්‍රිලංකා සංඥා බළකාය යන ඒකකයන් වෙත නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී.

මෙම අවස්ථාව සඳහා 7 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බළකායේ අණදෙන නිලධාරි මේජර් කස්තුරිආරච්චි, 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ආර් එස් පුංචිහේවා යුඑස්පි, 7 වන සංඥා බළකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එම් ආර් හමීම් යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් තිදෙනා මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරි වරුන් ආඥාපති තුමන්ව උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.