03rd February 2021 10:21:55 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරල් එච් පී එන් කේ ජයපතිරණ ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය බලප්‍රදේශයේ පිහිටි බෝධි කන්ද විහාරය, විරුකැකුළු පෙර පාසල හා ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය විසින් පවත්වාගෙන යනු ලබන යුහපති ගොවිපල සහ කළුඅඹතැන්න ගොවිපල වෙත නිරික්ෂණ සංචාරයක නිරතවිය.
දියතලාව යුද්ධ හමුදා කඳවුරු පරිශ්‍රයේ පිහිටි බොධි කන්ද විහාරය නිරීක්ෂණය කල ආඥාපති තුමන් ශ්‍රි ලංකා යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන විරුකැකුළු පෙර පාසලේ වත්මන් තත්වය හා පවතින අවශ්‍යතාවයන් සොයාබලන ලද අතර අනතුරුව ආඥාපති තුමන් යුහපති ගොවිපල හා කළුඅඹතැන්න ගොවිපල වෙත පැමිණ එහි වත්මන් තත්වය මෙන්ම පවතින අවශ්‍යතාවයන් සොයාබලන ලදි. මෙම සංචාරයට ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් /නිලධාරීන් සහභාගි වන ලදි.