Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th May 2020 21:02:17 Hours

17 වන ඉංජිනේරු සේවා බලකාය විසින් කොවිඩ් - 19 වෛරසය ආසාදිත පුද්ගලයින් සඳහා නව දැඩිසත්කාර ඒකකයක් ඉතා කෙටි කාලයක් තුළ නවීකරණය කරයි

17 වන ඉංජිනේරු සේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉතා කෙටි කාලයක් තුළ මහනුවර මහ රෝහලේ තිස් හයවන වාට්ටුව තුල කොවිඩ් - 19 රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා අතරමැදි දැඩිසත්කාර ඒකකයක් ලෙසට නවීකරණය කර 2020.05.10 වන දින උදෑසන 1000 පැයට මහනුවර මහ රෝහලේ අධ්‍යක්‍ෂක තුමා වෙත භාරදෙනු ලැබීය.

මෙහි සමාරම්භක උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩි සි කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් ඇතුළුව 11 වන සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහ රජ්‍ය නිලධාරීන් පිරිසකද සහභාගී වූහ.

17 වන ඉංජිනේරු සේවා බලකා අණදෙන නිලධාරී තුමන්ගේ හා නිලධාරීන් දෙදෙනෙකුගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ යුද්ධ හමුදා සාමාජිකයන් පහ‍ළොස් දෙනෙකු විසින් අවශ්‍යතාවයට සරිලන පරිදි වැඩිදියුණු කර සකස් කිරීමේ කාර්ය සම්පූර්ණ කළහ.