Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th July 2020 11:26:10 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම ආඥාපති තුමන් මහනුවර දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර සඳහා යෙදවීමට නියමිත ආරක්‍ෂක වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡාවක් පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.07.22 වන දින මහනුවර දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර සඳහා යෙදවීමට නියමිත ආරක්‍ෂක වැඩ පිළිවෙල පිළිබඳව සාකච්ඡාවක් පවත්වන ලදි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම ආඥාපති තුමන්, 11 වන සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපතිතුමන්, මහනුවර පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තුමන්, නාවික හා ගුවන් හමුදා නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් රැසක් සහභාගි වන ලදී.