Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd September 2020 09:41:55 Hours

බිනර පුර පසලොස්වක පොහොය දිනයේ සියළු ලෝකවාසී ජනයාට සෙත්පතා බෝධිපූජා පිංකමක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන් බිනර පුර පසලොස්වක පොහෝ දිනය නිමිති කොටගෙන දියතලාව බෝධිකන්ද බෝමළුවේදී බෝධි පූජා පිංකමක් 2020 සැප්තැම්බර් මස 01 වන දින 0900 පැයේ සිට සිදු කරන ලදි.

තත් බෝධිපූජාව පැවැත්වීම සඳහා විහාරකැලේ පිරිවේනාධිපති ස්වාමිපාදයානන් වහන්සේ වැඩම කළ අතර, මේ සඳහා දායකත්වය 8 වන සන්නද්ධ බුද්ධි බලකාය වෙතින් සිදුකරන ලදි. මෙම පිංකම සඳහා මෙම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ පාලනය වන ඒකකයන්හී රාජකාරි නියුතු නිලධාරින් හා සෙසුනිළයින් සහභාගිවන ලදි.