21st July 2020 21:40:27 Hours
ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසු 2020.07.20 වන දින දියතලාව යුද්ධ හමුදා මුලික රෝහලේ නිරීක්ෂණ සංචාරයක නිරත වන ලදි.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මුලික රෝහලේ නිලධාරි අණදෙන මේජර් එම් ඩී රත්නවීර යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහභාගි වු අතර, ආඥාපති තුමන් විසින් රෝහල් භුමිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සියළු නිලයන් අමතන ලදි. තවද, සංචාරය සිහිපත් කිරීම වෙනුවෙන් රෝහල් භූමිය තුල පෙයාස් පැලයක් රෝපණය කිරීමෙන් පසු විශේෂ අමුත්තන්ගේ පොතේහි සටහනක් තැබීමද සිදු කරන ලදී.