Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd July 2020 20:51:47 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන් කතරගම වාර්ෂික ඇසළ පෙරහැර සඳහා යොදන ආරක්‍ෂක වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡාවක් පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.07.20 වන දින කතරගම වාර්ෂික ඇසළ පෙරහැර සදහා යොදන ආරක්‍ෂක වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡාවක් කතරගම යුද්ධ හමුදා නිවාඩු නිකේතනයේදි පවත්වන ලදි.

මෙම අවස්ථාව සඳහා 12 වන සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති, 122 බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති, 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිළධාරි තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහභාගි වු අතර, ආඥාපති තුමන් විසින් පූජා භුමිය නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව කතරගම දේවාලයේ දියවඩන නිළමේ තුමන්ද හමුවන ලදී.