Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st April 2021 17:36:43 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන් 12 පාබල සේමු, 121 බසේමු, 122 බසේමු සහ ඒ යටතේ ඇති ඒකකයන් වෙත කරන ලද නිරික්‍ෂණ සංචාරය

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.03.29 සහ 30 දෙදින තුල කිරිවෙහෙර හා කතරගම දේවාලය වැදපුදා ගනිමින් 12 පාබල සේමු, 121 බසේමු, 122 බසේමු සහ ඒ යටතේ ඇති ඒකකයන් වෙත නිරික්‍ෂණ සංචාරයක නිරත වන ලදි.

ආඥාපති තුමන් ඓතිහාසික කිරිවෙහෙර හා කතරගම දේවාලය වැඳපුඳාගෙන ආශිර්වාද ලබාගත් අතර ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ ඇති 12 වන පාබල සේනාංක මූලස්ථානය, 121 පාබල බලසේනා මුලස්ථානය, 122 බසේමු, 23 ගජබා රෙජිමේන්තුව, 3 ජාතික ආරක්‍ෂක බලමුළුව, 20 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව, 18 ගැමුණු හේවා රෙජිමේන්තුව යන ස්ථානයන්හී නිරීක්‍ෂණ සංචාරයේ නිරත වන ලදි.

මෙම අවස්ථාව සඳහා 12 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර් ඒ ඩී පී රණවක ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, 121 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති කර්නල් ඩී යූ එන් සේරසිංහ ආර්ඩබ්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙන්ම, ඒකක අණදෙන නිලධාරීන් හා අනෙකුත් නිලධාරීන් පිරිසක්ද සහභාගිවන ලදි.