Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th May 2021 12:48:22 Hours

යුද්ධ හමුදා මූලික රෝහල දියතලාව නව නිලධාරි නිවස්නයට මුල්ගල තැබීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයේ පිහිටා ඇති යුද්ධ හමුදා මූලික රෝහල දියතලාව ඉදිකිරීමට යෝජිත නව නිලධාරී නිවස්නය සඳහා මුල්ගල තැබීමේ කටයුතු 2021.05.05 වන දින සිදු කරන ලදි.

ඒ අනුව එදින උදෑසන මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සුරතින් 2021.05.05 වන දින ඉදිකිරීමට යොජිත නව නිලධාරී නිවස්නය සඳහා මුල්ගල තබන ලදි. එම අවස්ථාව සඳහා මෙම මූල රාජකාරි‍යේ නියුතු ජ්‍යෙෂ්‍ඨ නිලධාරීන්, යුද්ධ හමුදා මූලික රෝහල දියතලාව නිලධාරී අණදෙන, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදි.