Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th July 2020 10:22:02 Hours

ඇසළ පුර පසලොස්වක පොහොය දිනයේ සියළු ලෝකවාසී ජනයාට සෙත්පතා බෝධිපූජා පිංකමක් පැවැත්වීම

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩි සි කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන් ඇසළ පුර පසලොස්වක පොහෝ දිනය නිමිති කොටගෙන ගෙන දියතලාව බෝධි කන්ද බෝ මලුවේදි ධර්ම දේශනා වැඩසටහනක් 2020 ජූලි මස 04 වන දින 0500 පැයේ සිට සිදු කරන ලදි.

එම බෝධිපූජාව පැවැත්වීම සඳහා කහගොල්ල ආරාමයේ ඇල්ලේගම පඤ්ඤාසීල ස්වාමිපාදයානන් වහන්සේ වැඩම කළ අතර,ඒ සඳහා දායකත්වය ස්වේච්ඡා පුහුණු පාසල දියතලාව වෙතින් සිදුකරන ලද අතර තත් පිංකම සඳහා මෙම ආරක්ෂක සේනා මුලස්ථානය හා ස්වේච්ඡා පුහුණු පාසල යටතේ රාජකාරි නියුතු නිලධාරින් හා සෙසුනිළයින් සහභාගිවන ලදි.

සියළුම ලෝකවාසී ජනතාව වෙත පැමිණ ඇති වසංගත තත්ත්වයන්ගෙන් හා දුක් වේදනාවෙන් තොර සාමයෙන් පිරි සෞඛ්‍ය සම්පන්න හා නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරමින් මෙම බෝධිපූජා පිංකම නිමාවට පත් කරන ලදි.