Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th June 2020 21:37:24 Hours

ආඥාපති තුමා උමාඔය නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරික්ෂණ සංචාරයක නිරතවිම සිදුකරයි

උමාඔය ව්‍යාපෘතියේ සේවය කරන ලද ඉරාන ජාතිකයින් 85 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබු අතර, ඔවුන් දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සිදු කිරිම සඳහා ඇල්ල ප්‍රදේශයේ පිහිටි උමාඔය ප්‍රධාන කාර්යාල තුල පිහිටි නේවාසිකාගාර එහි සේවය කරන කාර්ය මණ්ඩලය විසින් සූදානම් කර තිබු හෙයින් කොවිඩ් - 19 තර්ජනය හමුවේ එම ස්ථානයන් සෞඛය ආරක්ෂිතව සකස් කර තිබේද යන්න සොයා බැලිම සඳහා මෙම මූල ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්ඩීසීකේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා විසින් 2020.06.15 වන දින නිරික්ෂණ සංචාරයක නිරත වන ලදී.