Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th April 2020 10:53:06 Hours

ආසේමු (මධ්‍යම) ආඥාපති තුමන්ගේ 12 වන සේනාංක සංචාරය

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩි සි කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.04.23 වන දින 12 වන සේනාංක මුලස්ථානය සහ යටතේ ඇති බළසේනා මුලස්ථාන වෙත සංචාරය කරන ලදි.

එම අවස්ථාව සඳහා 12 වන සේනංකාධිපති ඇතුළු 121 බළසේනා මුලස්ථානය හා 122 බළසේනාධිපතිවරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිළධාරින්/නිළධාරින් සහභාගි වන ලදි. පසුව එම සංචාරයේදී ආඥාපති තුමන් විසින් කඳවුරු භූමිය තුල සදුන් පැලයක් රෝපණය කල අතර, සියළු නිලයින් සමග සමූහ ඡායාරූපයකට සහභාගි විය. ඉන්පසු විශේෂ අමුත්තන්ගේ සටහන් තැබීමේ පොතෙහි සටහනක් තබා සේනාංක මුලස්ථානයෙන් නික්ම යන ලදි.