Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd April 2019 17:50:36 Hours

ආසේමු (මධ්‍යම) ආඥාපති තුමන්ගේ 11 වන සේනාංක සංචාරය

මෙම ආසේමු (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙම මුල ආඥාපති තනතුරෙන් නික්ම යාමට ප්‍රථම 2019.04.02 වන දින 11 වන සේනාංක මුලස්ථාන සංචාරය සිදු කරන ලදි.

එම උත්සව අවස්ථාව සදහා 11 වන සේනංකාධිපති මේජර් ජෙනරාල් ටී ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමා ඇතුළු 111 බසේමු හා 112 බසේමු යන්හි බළසේනාධිපති වරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහභාගි වු අතර, එහිදි ආඥාපති තුමන්හට 2 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකකය වෙතින් කඳවුරු සම්මාන මුරයක් පිරිනමා සම්මාන පෙළපාලියක්ද පවත් වන ලදි. තවද, මෙම සංචාරයේදී ආඥාපති තුමන් විසින් භට පිරිස් ඇමතිමක්ද සිදු කල අතර, ඒ සඳහා 11 සේමු හා ඒ යටතේ පාලනය වන බසේමු/ඒකක/පුහුණු පාසල් වෙතින් 30 X 250 භට පිරිස් ප්‍රමාණයක් සහභාගිවු අතර, පසුව විශේෂ අමුත්තන්ගේ පොතෙහි සටහනක් තබන ලදි. ඉන් අනතුරුව ආඥාපති තුමන් හට සුදානම් කරන ලද සියළු නිළයින්ගේ තේ පැන් සංග්‍රහයකටද සහභාගි වන ලදී.