Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th April 2019 16:52:39 Hours

ආරක්ෂක සේනා (මධ්‍යම) මුලස්ථාන ආඥාපති තුමන් නික්මයෑමේ උත්සවය

මෙම මුලයෙහි නව වන ආඥාපති වශයෙන් රාජකාරි සිදුකල මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය තනතුරෙන් නික්මයාම නිමිතිකොටගෙන 2019 අප්‍රේල් මස 10 වන දින ආඥාපති වෙත 9 වන ශ්‍රීලංසිරෙ භඨපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් මෙම මුල රොන්ඩව් සරඹ භූමීයේදී සිදු කරන ලදී.

එම අවස්ථාව සදහා සේනාංකාධිපති වරුන් /බළසේනාධිපති වරුන් හා මෙම මුලයෙහි රාජකාරි නියුතු සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් මෙන්ම මෙම මුලය යටතේ පාලනය වන ඒකකයන්හි අණදෙන නිලධාරින් සහ සියළුම සෙසුනිළයින් සහභාගි වන ලදි. ඉන් අනතුරුව ආඥාපති තුමන් විසින් සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා අනිකුත් නිලධාරින් සහ සියළුම සෙසුනිළයින්ද ඇමතිම සිදුකරණු ලැබු අතර, අවසාන වශයෙන් ආඥාපති තුමන් වෙත සියළු නිළ තේපැන් සංග්‍රහයක් පවත්වන ලදි.