Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th March 2019 12:37:00 Hours

දියතලාව විරුකැකුළු පෙර පාසලෙහි ඉගනුම ලබන දරු දැරියන්ගේ වාර්ෂික ක්‍රිඩා උත්සවය

යුධ හමුදා සේවා වනිතා ශාඛාව මගින් පාලනය වන ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ ස්ථාපිත දියතලාව විරුකැකුළු පෙර පාසලෙහි ඉගනුම ලබන සිගිති දරු දැරියන්ගේ වාර්ෂික ක්‍රිඩා උත්සවය සේවා වනිතා ශාඛාවේ පූර්ණ උපදෙස් මත 2019 මාර්තු මස 26 වන දින 1030 පැයට දියතලාව විරුකැකුළු පෙර පාසලෙහිදී උත්සවාකාරයෙන් පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයන් වශයෙන් ශ්‍රි ලංකා යුධ හමුදා සන්නාහා සන්නද්ධ බලකායේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය වන ශීරෝමි ලියනගේ මහත්මිය මෙන්ම දියතලාව විරු කැකුළු පෙර පාසල භාර ජ්‍යෙෂ්ඨ සාමාජිකාව වන ලුද්මිලා ද සිල්වා මහත්මිය ඇතුළුව මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා නිලධාරීන් සහභාගී වන ලදී.