Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th March 2019 17:18:27 Hours

ඓතිහාසික ශ්‍රි පාදස්ථානයේ සුන්දරත්වය රැකීමට ශ්‍රමදාන කටයුත්තක් සිදු කිරිම.

මෙවර ශ්‍රි පාදස්ථාන වන්දනා වාරය ඇරඹීමත් සමග එය වැදපුදා ගැනිමට විශාල වශයෙන් පැමිනෙන සිවිල් ජනතාව විසින් ඉවතලන කැලිකසල හේතුවෙන් නල්ලතන්නිය මාර්ගය දැඩි පරිසරික දුෂණයට ලක්වී ඇත. ඒ අනුව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සංකල්පයක් මත අනෙකුත් නිලධාරින්ගේ පුර්ණ අධික්ෂණය යටතේ භටපිරිස් විශාල ප්‍රමාණයකගේ සහයෝගය මත ශ්‍රමදාන වැඩසටහනක් 2019.03.29 වන දින පවත්වන ලදි.

ඒ අනුව එම ශ්‍රමදාන කටයුත්ත සදහා මෙම මුලය හා යටතේ පාලනය වන සේමු/බසේමු/ඒකකයන් හි රාජකාරි කරනු ලබන නිලධාරින්/සෙසුනිලයින් 12 x 250 දෙනෙකු සහභාගි වු අතර, වන්දනා සමයේ පාරිසරික හානිය අවම කරමින් අවට පරිසරයේ චමත්කාරය රැකෙන අයුරින් එම පිවිසුම් මාර්ගය භඨපිරිස් විසින් පිරිසිදු කරන ලදි. තවද, ඓතිහාසික මුදුන්මල්කඩක් වන ශ්‍රි පාදස්ථාන පුදභිමේහි පවතින පාරිසරික හානිය වලක්වා හෙටදින වෙනුවෙන් රැකගැනිමට එම අවස්ථාවේ වෙහෙස වු සියළුම භටපිරිස්හට හා සමස්ත යුද්ධ හමුදාවට මෙන්ම රටදැය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් ශ්‍රි පාදස්ථාන වන්දනාවට පැමිණි බැතිමතුන් විසින් ආශිර්වාද එක් කරන ලදි.

තවද, මෙම අවස්ථාව ස‍ඳහා මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ සහ පොලිසියේ සහයෝගයද ලබාදෙන ලදි.