Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th April 2019 09:07:43 Hours

ජාතික බක් මහ දිවුරුම් දිමේ වැඩසටහන

අතිගරු ජනාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව මතින් තොර නිදහස් රටක් හා නිදහස් හෙටදිනක් යන තේමාව පෙරදැරි කර ගනිමින් ශ්‍රී ලංකාවේ සියළුම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන් තුළ නිලවශයෙන් ප්‍රතිඥාදීමෙි වැඩ සටහන් මාලාවක් 2019.04.04 වන දින පවත්වන ලදි. ඒ අනුව යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන් මාලාව යුද්ධ හමුදාවට අයත් සියළුම ස්ථානයන්හි පැවැත්වීමට කටයුතු යොදා තිබු අතර, මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්‍ෂණය මත මෙම මුලය හා සෙව්බපුපා(දිය) හි රාජකාරි කරනු ලබන සියළුම නිලධාරි/සෙසුනිලයින් විශාල ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරන ජාතික දිවුරුම් දීමේ ප්‍රතිඥාව සිදුකරන ලදි.

ඒ අනුව ශ්‍රී ලංකා ජාතික ධජය මෙන්ම මෙම මුල ධජය හා සෙවිබපුපා ධජය එසවීමෙන් පසු ජාතිකගීය ගයනා කරන ලදි. පසුව මානි 1 (භකාස) ලුතිතන් කර්නල් එස් පි මලවරගේ ආර්එස්පි යුඑස්පි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් අතිගරු ජනාධිපති තුමන් විසින් ශ්‍රී ලංකා සමස්ථ ජනයා හට ප්‍රකාශයට පත්කරන ලද ජාතික බක්මහ දිවුරුම් ප්‍රකාශය සියළුම නිලධාරි/සෙසුනිලයින් හට ප්‍රකාශයට පත්කරන අතර, ඉන් පසු ජාතික මත්ද්‍රව්‍ය නිවාරන ගීතය වෙත සියළුම අයවළුන් සවන් දෙන ලදි.