Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th April 2019 09:25:03 Hours

ආසේමු (මධ්‍යම) ආඥාපති තුමන්ගේ 12 වන සේනාංක සංචාරය

මෙම ආසේමු (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙම මුල ආඥාපති තනතුරෙන් නික්ම යාමට ප්‍රථම දෙවන වරට 2019.04.03 වන දින 12 වන සේනාංක මුලස්ථාන සංචාරය සිදු කරන ලදි.

ඒ සඳහා 12 වන සේනංකාධිපති මේජර් ජෙනරල් ජීඩබ්ලිව්ඩීකේ ජයතිලක යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමා ඇතුළු 121 බසේමු හා 122 බසේමු යන්හි බළසේනාධිපති වරුන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහභාගිවන ලදි. තවද, මෙම සංචාරයේදී ආඥාපති තුමන් විසින් භට පිරිස් ඇමතිමක්ද සිදු කල අතර, ඒ සදහා 12 සේමු හා ඒ යටතේ පාලනය වන බසේමු/ඒකක/පුහුණු පාසල් වෙතින් 45 X 500 භඨපිරිස් ප්‍රමාණයක් සහභාගිවන ලදි. පසුව ආඥාපති තුමන් විශේෂ අමුත්තන්ගේ පොතේහි සටහනක් තැබිමෙන් පසු සුදානම් කරන ලද සියළු නිළයින්ගේ තේ පැන් සංග්‍රහයකටද සහභාගි වන ලදී.