Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th April 2019 16:45:24 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව ආඥාපති තුමන් වැඩ භාර ගැනිම

මෙම මුලයෙහි දසවන ආඥාපති වශයෙන් මේජර් ජෙනරාල් ජී ජේ එල් වඩුගේ ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය තනතුරේ රාජකාරින් භාරගැනීම 2019 අප්‍රේල් මස 12 වන දින 1000 පැයට යෙදුනු සුභ මොහොතින් සිදු කරනු ලැබු අතර, එතුමන්හට 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් භටපිරිස් විසින් කදවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් මෙම මුල රොන්ඩව් සරඹ භූම්යේදී පිරිනමා ආඥාපති තුමන් පිළිගන්නා ලදී.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි යුද්ධ හමුදාවේ නොයෙකුත් උසස් මුලස්ථානයන්හි විවිධ රජකාරි ඉටුකර මහත් අත්දැකිම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන අතර, මීට ප්‍රථම 52 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි ඉටුකර ඇත. ඉහත සම්මාන පෙළපාලිය අවසානයේදී ආඥාපති තුමන් සියළුම නිලධාරින්/සෙසුනිළයින් විසින් පිළියෙල කරන ලද තේපැන් සංග්‍රහය සඳහා සහභාගි වන ලද අතර, එහිදී ආඥාපති තුමන් විසින් සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුලු අනෙකුත් නිලධාරින් හා සෙසුනිළයින් ඇමතීමද සිදු කරන ලදී.

එම අවස්ථාව සදහා සේනාංකාධිපති වරුන් /බළසේනාධිපති වරුන් හා මෙම මුලයෙහි රාජකාරි නියුතු සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් මෙන්ම මෙම මුලය යටතේ පාලනය වන ඒකකයන්හි අණදෙන නිළධාරින් සහ සියළුම සෙසුනිළයින් සහභාගි වන ලදි.