04th May 2022 16:46:09 Hours
හම්බන්තොට නගරවැව ස්ථානගත 12 වන පාබල සේනාංකයේ 11 වන සංවත්සරය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ එච් එල් ජි අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත සේනාංකයේ සියළුම නිලධාරින්, සෙසු නිලයින් සහ සිවිල් සේවක මහතුන්ගේ සහභාගිත්වයෙන් ඉතා අභිමානවත් අයුරින් සේනාංක මූලස්ථානයේදි, සේනාංක දිනය 2022.04.02 දින පවත්වන ලදී.
16th March 2022 16:57:15 Hours
20th February 2022 15:23:37 Hours
2022.02.17 වන දින පැරකුම් ගොවි සංවිධානයේ නිරීක්ෂණ සංචාරය අතිගරු ජනාධිපති තුමන්ගේ වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය කිරීම සඳහා ක්‍රියාත්මක කාබනික කෘෂිකර්මාන්තය යථාවත් කිරීම යුද්ධ හමුදාධිපත් තුමන්ගේ පූර්ණ මඟපෙන්වීම මත යුධ හමුදාව මගින් දිවයිනේ කෘෂි කර්මාන්තයේ නියැලෙන ගොවි මහත්ම/මහත්මීන් දිරිගැන්වීම සඳහා කඳවුර අවට ප්‍රදේශයන්හී පදිංචි කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ගොවි පවුල් දිරිගැන්වීම සහ උපදෙස් ලබාදීම සඳහා ආරක්ෂක සේනා ආඥාපති තුමන්ගේ උපදෙස් මත 2022.02.17 වන දින මෙම ආරක්ෂක සේනා මූලස්ථානයේ හරිත කෘෂී කර්මාන්තය පිළිබද භාරව කටයුතු කරනු ලබන බ්‍රිගේඩියර් (සම්බන්ධිකරණ) බ්‍රිගේඩියර් ඩිසිසිඩිආර් වෛද්‍යසේකර ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් එම ගොවි සංවිධානයේ සාමාජිකයින් සමඟ විවෘත පිළිසඳරක නිරත වූහ.
11th February 2022 10:14:34 Hours
74 වන ජාතික නිදහස් උත්සවයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) කඳවුර ස්ථාපිත ප්‍රදේශයට ආසන්නව පිහිටි හපුතලේ දිස්ත්‍රික් රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබාගන්නා රෝගින් වෙනුවෙන් දිවා ආහාර ලබා දීමේ වැඩසටහනක් ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව 2022.02.04 වන දින පවත්වන ලදී.
11th February 2022 10:04:40 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) කඳවුරු පරිශ්‍රයේ යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් ඉදිකල නව පැණිබීම වෙළඳසැල 2022.02.06 වන දින 0838 පැයට යෙදුණු සුභ මොහොතින් විවෘත කරන ලදි.
10th February 2022 14:35:10 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) ආඥාපති තුමාගේ සම්බන්ධීකරණයෙන් හා මඟ පෙන්වීම මත ඇමරිකාවේ පදිංචි සුදත් ජයසේන මහතාගේ අනුග්‍රාහකත්වයෙන් මෙම මූලස්ථාන කඳවුර අවට ජීවත් වන අඩු ආදායම් ලාභී පවුල් හී ඇස් පෙනීම දුර්වල වැඩිහිටි දෙමාපියන් 175 දෙනෙකු වෙත සහ ආසේමු යටතේ රාජකාරි නියුතු සිවිල් සේවක මහත්ම/මහත්මීන් 25 දෙනෙකු වෙත ඇස් කන්ණාඩි 200 ක් බෙදාදීමේ වැඩසටහනක් 2022.02.07 වන දියතලාව යුධ හමුදා “මුතු කුමරු” ක්‍රීඩාංගනයේදී ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ල
09th February 2022 21:18:22 Hours
බෝසත් දරු පරපුරක් අරමුණු කර “පුත්ථා වත්ථු මනුස්සානං” යන තේමාව යටතේ ධර්ම දේශණාවක් සහ ධර්ම සාකච්ඡාවක් මෙම මූලස්ථාන කඳවුර තුල රාජකාරි කරනු ලබන රණවිරු/වීරවරියන් උදෙසා පැවැත්වීමට කටයුතු සූදානම් කර දෙන මෙන් ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති තුමා වෙතින් මෙහි පැමිණ සිටින කෞමදී අමරදිවාකර මහත්මිය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියූ ජ්‍යෙෂ්ඨ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් ඒ සඳහා රණවිරුවන්/වීරවරියන් සහභාගි කරවා යහපත් සමාජයක් ගොඩනැංවීම මෙන්ම යහපත් පුරුෂයන් සමාජගත කිරීමේ උදාරතර මහගු පුන්‍ය කර්මයට සම්බන්ධ වන ලදී
07th February 2022 09:28:52 Hours
ප්‍රංශයේ සිට පැමිණි විදේශික කාන්තාවක් වන Sඅලෙනෙ Sඔලනෑ (26 හැවිරිදි) දුම්රිය මගියකු ඔහිය සිට ඉදල්ගස්හින්න දක්වා ගමන් කරමින් සිටියදී 32 උමං ප්‍රදේශයේදී අහම්බෙන් දුම්රියෙන් වැටී ඇත. ඇය මුලින් හපුතලේ රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා 2022 පෙබරවාරි 03 දින දියතලාව රෝහලට මාරුකර යවා ඇත.
04th February 2022 16:36:21 Hours
74 වන ජාතික නිදහස් උත්සවයට සමගාමීව පොලිතින් උවදුරෙන් පරිසරයට සිදුවන හානිය මැඩපැවැත්වීම ක්‍රියාවට නංවමින් ආරක්ෂක සේනා මධ්‍යම ස්ථානගත දියතලාව නගරය හා අවට ප්‍රදේශය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන කටයුත්තක් ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 2022.02.03 වන දින සිදුකරන ලදි.
03rd February 2022 10:27:21 Hours
ආරක්ෂක සේනා මූලස්ථාන මධ්‍යම බල ප්‍රදේශයේ දියතලාව නගරයට ආසන්නව පිහිටා ඇති “බ/දියතලාව මධ්‍ය මහ විද්‍යාලීය” ප්‍රාථමික අංශ ගොඩනැගිල්ලේ සෙවිලි කර ඇති අඹලන් තත්වයට පත්ව ඇති පැරණි උළු ඉවත් කර නව ඇස්බැස්ටෝස් ෂීට් සෙවිලි කිරීම සඳහා එම විදුහලේ විදුහල්පති ආර්එම් තිලකරත්න මහතා කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදේස් පරිදි යුධ හමුදා ශ්‍රම දායකත්වය 2022.01.28 දින සිට 2022.02.05 දක්වා ලබාදී සිදුකරමින් පවති.